saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 5767 hours ago

LATEST

මහ බැංකු අධිපතිගෙන් සියලුම මන්ත්‍රීවරුන්ට අයවැය පිළිබඳ දේශනයක්

calendar_today 2022 අගෝ 24 - 14:48 remove_red_eye - 799  

ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට අතුරු අයවැය සහ රටේ මුදල් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් විශේෂ දේශනයක් පාර්ලිමේන්තුවේදී ලබන 30දා සවස පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (24දා) පෙරවරුවේ සිදු විය.

Read More

ගම්පහ උඩුගම්පල බටපොත ප්‍රදේශයදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

Read More

අහුන්ගල්ල -ඌරගහ මාර්ගයේ අහුන්ගල්ලේදී අද (24දා) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් තුවාල පුද්ගලයෙක් ලබා රෝහල් ගත කල බව අහුන්ගල්ල පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳව පර්යේෂණ හතරක් එළි දැක්වීම නිපුණතා පියසේ දී සිදු විය. ඒ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.

Read More

ධීවර ජනතාවට ඉන්ධන සහ භූමිතෙල් සහනාධාරය ලබා දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

Read More

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අදාළ ලිපි ලේඛන වලට වැඩි ප්‍රමාදයකින් තොරව අත්සන් තබා අනිවාර්යයෙන්ම සමාව ලබාදෙන බවට ජනාධිපතිවරයා පැවසු බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික පාලනයක් ඇති වීමේ ඉඩ කඩ අවම මට්ටමක පවතින බවද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

Read More

මතුගම ප්‍රදේශයේ පාතල කණ්ඩායම් දෙකක් අතර පවතින ආරවුලක් හේතුවෙන් ඊයේ (23දා) රාත්‍රි පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කර ඇති බවත්, තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් මතුගම පොලිසිය පවසයි.

Read More

කිරිපිටි , යෝගට් ඇතුළු කිරි ආහාර , පලතුරු, චොකලට්, සුවඳ විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇඳුම්, වායුසමීකරණ, ශීතකරණ, ගෘහ විදුලි උපකරණ, දුරකථන ඇතුළු භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. ඊයේ (23දා) රාත්‍රී අම්බලන්තොට දෙස සිට හුංගම දෙසට ධාවනය කළ මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව නෝනාගම වැවට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

Read More

කොරියන් භාෂා ගුරුවරියක් ගමන්ගත් සුඛෝපභෝගී ජීප් රථයක් ඊයේ (23දා) රාත්‍රී කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 16 දශම 1 සපුගස්කන්ද ප්‍රදේශයේ දී ටයිල් පැටවූ ලොරියක ගැටීමෙන් ගුරුවරිය එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි අතුරුගිරිය රථවාහන පාලක මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

රාජ්‍ය අංශයේ සේවකයින් හෙට (24දා) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් එම චක්‍රලේඛය නිකුත් කර ඇත.

Read More

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් අද (23) පැවැත්විණි. ස්ථාවර නියෝග 121 ප්‍රකාරව පසුගිය දා තේරීම් කාරක සභාව විසින් ගනු ලැබූ ඒකමතික තීරණයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙම කාරක සභාවේ සභාපතිත්වයට පත් කරනු ලැබී ය.

Read More

• සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් හෙට ගොඩබෑමට නියමිතය • 2 වන යූරල් බොරතෙල් රැගත් ‌නෞකාව අද දීන පසුව පැමිණීමට නියමිතය • ඔටෝ ඩීසල් රැගත් නෞකාව එළැඹෙන 25-26 දක්වා පැමිණීමට නියමිිතය • පෙට්‍රල් 92 ගත් නෞකාව එළැඹෙන 27-29 දින පැමිණීමට නියමතය • භූමිතෙල් සහ ජෙට් ඉන්ධන බෙදා හැරීම ඊයේ සිට ආරම්භ කරන ලදී

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වා දීමත් සමග ගතවූ සති තුනක කාලය තුළ ඉන්ධන භාවිත කිරීමේ කැපි පෙනන අඩුවීමක් පෙනෙන්නට තීබේ.

Read More

මේ වන විිට තායිිලන්තයේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් සති දෙකකින් පමණ ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව රොයිටරස් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

අරගලකරුවන්ගෙන් පළිගැනීමට යෑමෙන් හා රෙජීමයට පළිගැනීමට ඉඩ දීමෙන් අලුත් ජනපති තව දුරටත් ජනතාව ඔහුගෙන් ඈත් කර ගනිමින් සිටින බව ගාලුමුවදොර අරගලයට සම්බන්ධව සිටිි අරගලකරුවෙක් වන විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර් පවසයි. සිිය ට්විටර් ගිණුමෙන් ඔහු තවදුරටත් පවසන්නේ ඒ හරහා ජනපතිවරයාට අර්බුදය විසඳිය හැකියාවක් නොමැති බවයි.

Read More

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය සඳහන් කළේ මෙරට මුහුදු සීමාවේදී ගිණිගෙන මුහුදුබත්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් ( M.V Express Pearl ) නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත්කොට මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමට මේ වනවිට රුපියල් නව කෝටි තිස් අටලක්ෂ පනස්හත් දහස් දෙසීය අනූ තුනක (903,857,293.01) මුදලක් වැයවී ඇති බවයි.

Read More

වී මිල අඩුවීම පිළිබඳව ගොවියා දැඩි අර්බුදයකින් පසුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය. එසේම තමන් ජනාධිපතිවරයා සිටි කාලේ පොලොන්නරුවේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති නටබුන් වීමත් තමන් පාර්ලිමේන්තුව සමඟත් රජය සමඟත් මාධ්‍යයටත් දැඩිව කතා කරන බවත් එය තමන්ගේ වරදක් නොවන බවත් ඔහු පැවැසීය.

Read More

දුම්රිය එන්ජින් සහ මැදිරි නඩත්තු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය නොමැතිකමින් දුම්රිය ධාවනය පවත්වාගෙන යාමට නොහැකි තත්වයට පත්වෙමින් තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

Read More

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිසිය දින 90 ක රැඳවුම් නියෝග ලබා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම, හෂාන් ගුණතිලක යන ක්‍රියාකාරීන් තිදෙනා ත්‍රස්තවාදී මර්දන හා විමර්ශන කොට්ඨාසය බාරේ තංගල්ල රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බව වාර්තාවෙයි.

Read More

ආර්මේනියා ජනරජය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව දෙරටේම ජනතාවගේ ප්‍රයෝජනය සදහා තවදුරත් ශක්තිමත් කර ගැනීමට කැපවන බව ආර්මේනියා ජනාධිපති වහග්න් ඛචතුරියන් මහතා (VahagnKhachaturyan) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර ඇත.

Read More

අත්‍යවශ්‍ය සේවා ලෙස හඳුනාගත් ක්ෂේත්‍රයන් විශේෂ කාණ්ඩයක් ලෙස සලකා, ඒ සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

වන අලින් ගම්වැදීමට පිළියමක් ලෙස වනජීවී දෙපාර්තමේන්තුව මගින් ඉදිකර තිබෙන විදුලි වැටක සවිකර තිබූ ලක්ෂ හතරක් පමණ වටිනා එනජයිසරයක් (විදුලි ධාරාව අඩු කර, කඩින් කඩ ලැබීම සලස්වන යන්ත්‍රයක්) සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව විලච්චිය පොලිසිය පවසයි.

Read More

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි පුහුණුව ලබන්නන් සඳහා සහන පොලී පදනමක් යටතේ ශිෂ්‍ය ණය ආධාර ක්‍රමයක් ඇති කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

රටකජු වලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත වී ඇති බවත් ’’ජම්බෝ පීනට්ස්’’සැකසීම සඳහා අවශ්‍ය වන කජු ප්‍රභේදයත් මින්පසු ආනයනය කරන්නට අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

දිවයින පුරා සහල් නිෂ්පාදකයින්ගේ සහල් එක්රැස් කර රුපියල් කෝටි ගණනාවක අගරු චෙක්පත් ලබාදී ජනතාව භීතියට පත් කරගෙන සිටි මීගමුව හාල් සමීර නොහොත් ක්‍රිස්ටේබුගේ සමීර සම්පත් නමැත්තා විදේශ රටවල නිෂ්පාදිත ගිනි අවි හා තියුණු ආයුධයක් සහ ජීව උණ්ඩ රැසක් සමග මිනුවන්ගොඩ කෙසෙල් කොටුව පට්ටඩුවන නිවසක දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

රාජ්‍ය මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ ඉතාම අසීරුතාවයක් තුළයි. ඇත්තම තත්ත්වය ගත්තොත් මීට පෙර එම ආයතනවල සේවක වැටුප් ගෙවීමට මහජනතතාවගේ බදු මුදල් මහා භාණ්ඩාගාරය විසින් දීලා තියෙනවා. අද පත්වෙලා තියෙන මූල්‍ය දුෂ්කරතාව තුළ එලෙසින් මුදල් ලබා දෙන්න බෑ. ඒ් නිසා මම සෑම රජයේ මාධ්‍ය ආයතනයකටම උපදෙස් දීලා තියෙනවා කෙසේ හෝ තමන්ගේ ආදායම් උත්පාදන ක්‍රමයක් සකස් කර ගන්න කියලා.

Read More

“ළමා අපයෝජනයට එරෙහි වෙමු” යනුවෙන් අද (23දා) ගාල්ල උසාවි සංකීර්ණය ඉදිරිපිට සිවිල් සංවිධාන සහ මහජන ක්‍රියාකාරිකයන් පිරිසක් නිහඬ උද්ඝෝෂණයක නිරත වූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.