සංචාරක වයාපාරයේ නියතු තමන්ට රාජ්ය හා පෞද්ගලික බැංකුවලින් සහනයක් ලබා නොදෙන්නේ යයි කියමින් අද (22දා) බෙන්තොට සංචාරක නිවාඩු නිකේතනය ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂ්ණයක නිරතවූහ.
රටේ පැවති කොරෝනා වයසනයත් සමගම සංචාරක කර්මාන්තයේ නියතුවූ තමන්ට බැංකුවලින් ලබාදුන් සහන දැන් පොලියත් සමගම එකවර ගෙවීමට සිදුව ඇති නිසා දැන් තමන් පත්ව ඇත්තේ කිවනොහැකි අමාරුවක බව උද්ඝෝෂකයෝ පැවසූහ.
රටේ වත්මන් තත්ත්වයත් සමග සංචාරක වයාපාරය බිංදුවටම බැස ඇති අවධියක බැංකු ඉල්ලන වාරික හා පොලී මුදල් ගෙවීම කළ නොහැකි බැවින් දැන් තමන්ට සිදුව ඇත්තේ වහ කෑමට හෝ සිය වකුගඩු දෙක මුදලට විකිණීම බවද ඔවුහු පැවසූහ.
අදාල බලධාරීන් මේ සම්බන්ධයෙන් පියවරක් නොගන්නේ නම් බෙන්තොට සංචාරක වයාපාරයේ අදෝනාව හෙට දිනයේදී බලාගත හැකි බවද උද්ඝෝෂකයෝ කියති.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත / අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
