යාපනයේ සහ ත්රීකුණාමලයේ පදිංචි පවුල් 03කට අයත් පුද්ගලයින් 08 දෙනෙකු ඊයේ (21දා) ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු ප්රදේශයට කුඩා මුහුදු යාත්රාවකින් පැමිණ සිටියදී තමිල්නාඩු පොලිස් භාරයට ගෙන තිබේ.
පවුල් 03 කට අයත් පිරිමි පුද්ගලයින් 03 , කාන්තාවන් 02 ක් සහ ළමුන් තිදෙනෙකු මෙලෙස මන්නාරම් මුහුදු සීමාව ඔස්සේ ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු තීරයට යාත්රා කොට ඇතැයි වාර්ථා වේ.
ධනුෂ්කොඩි වෙතට පැමිණි පිරිස් තමිල්නාඩු පොලීසිය විසින් නිරෝධායනය කොට වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පියවර ගෙන ඇත.
ගෙවුනු මාර්තු මස 22 වනදා සිට මේ දක්වා උතුරු පලාතේ පිහිටි මුහුදු තීරයන් ඔස්සේ ඉන්දියාවට ගිය ප්රමාණය 140 කට අධික බවටද එරට සරණාගත භාවය ලබාගත් පිරිස 130 කට ආසන්න බවටද ඉන්දීය ආරක්ෂක අංශ විසින් වැඩි දුරටත් පෙන්වා දෙයි.
ජනවාරී මස සිට ජූලි මස දක්වා කාලය තුලදී පමණක් 600 කට ආසන්න පිරිසක් අනවසරයෙන් විදෙස්රටකට යෑමට උත්සහ කොට නාවිකහමුදා භාරයට පත්ව ඇතැයිද නාවික හමුදාව පවසයි.