බොරලැස්ගමුවේ පැපිලියාන වාහන අලෙවි සැලක කාර්යාලය තුල ලාච්චුවේ බහා තිබූ රුපියල් 2,175,000 මුදලක් සොරාගත් එම අලෙවිසැලේ එකම සේවකයා රත්තනපිටිය ලැගුම්හලකදී සොරා ගත් මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.
ඉකුත් 18 වෙනි දින මෝටර් රථයක් මිලදී ගැනීම වෙනුවෙන් ගැණුම්කරුවෙකු අත්තිකාරම් ලෙස වාහන අලෙවි සැලේ හිමිකරු ට ලබා දී ලබාදී තිබු එම මුදල හිමිකරු විසින් කාර්යාලයේ ලාච්චුවේ ආරක්ෂාවට තබා තිබියදී මෙම සොරකම වී ඇතැයි පොලිසිය කියයි.
වාහනය මිලදී ගැනීම වෙනුවෙන් අත්තිකාරම් ලබා දුන් පුද්ගලයා සමග අලෙවි සැලේ හිමිකරු වාහනය පදවා පෙන්වීම සඳහා අලෙවිසැලෙන් පිටතට ගිය අවස්ථාවේදී මෙම සොරකම වී තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
මුදල් නැති වීමත් සමඟම එහි සිටි එකම සේවකයාද අතුරුදන්ව ඇති බවත් ඔහුගේ ජංගම දුරකථන ද ක්‍රියාවිරහිත ඇති බවත් වාහන අලෙවි සැලේ හිමිකරු කරන ලද පැමිණිල්ලේ සඳහන්ව තිබූ බව පොලිසිය කියයි.
අලෙවිසැලේ සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමේදී සැකකරු කාර්යාලයට ඇතුළු වී යමක් ඉන තුළ රඳවාගෙන කලබලව පිටවන අයුරු සටහන්ව තිබෙන අයුරු දක්නට ලැබුණු බව පොලිස් නිලධාරියකු පැවැසීය.
ලද පැමිණිල්ල අනුව සිදු කළ දීර්ඝ විමර්ශන වලදී සැකකරු ලැගුම් හලේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
ඒ වන විට සැකකරු එම මුදලින් රුපියල් 75000 පමණ මුදලක් වියදම් කර ගල්කිස්ස ප්‍රදේශයෙන් හොරෙයින් මත්කුඩු
මිලදී ගෙන පානය කර තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.
සැකකරුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී තම ලේලියගේ ශල්‍ය කර්මයක් සඳහා මෙම මුදල් සොරකම් කළ බවට පවසා ඇත.
වසර තුනකට පෙර වාහන අලෙවිසැලේ සේවයට පැමිණි මෙම සැකකරු හිමිකරුගේ සිත් දිනාගෙන සිටි පුද්ගලයෙක් බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු පාදුක්ක වග පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
