මේ වන විට තායිලන්තයේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 24 දා දිවයිනට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වුවත් ඔහු එදිනට ලංකාවට පැමණීමක් සිදු නොවන බව වාර්තා වෙයි.
එසේම ඔහු නැවත ලංකාවට පැමිණෙන දිනයක් පිළිබඳව තොරතුරු වාර්තා නොවෙයි. මේ අතර හිිටපු ජනපතිවරයා ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනපති රනිල් වික්රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා හා සාකච්ඡා කර ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ජනපතිවරයා අතර සිදුවූ සාකච්ඡාව අනුව ජනපතිවරයා හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාව සිදුව තිබේ.