උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දෙමෝදර ආරුක්කු නවයේ පාළමේ කුළුණු මත තිබෙන බඹර ඇවිස්සිමෙන් නිතර දේශීය විදේශිය සංචාරකයින් සතුන්ගේ ප්රහාර වලට ලක්වෙන බව ප්රදේශවාසීන් පවසයි.
ආරුක්කු නවයේ පාලමේ ගල් කුළුණු මත දීර්ග කාලයක් තිස්සේ බැද තිබෙන බඹර උකුසු ප්රහාරවලට හා දුම්රිය ගමන් කිරීමේදි ඇතිවන කම්පනයට විසීරී යන සතුන් පාලම මත සිරි නරඹමින් සිටින සංචාරකයින්ට දෂ්ඨ කරන බව කියයි,
නිතර බඹර ප්රහාර වලට ලක්වන දේශිය විදේශීය සංචාරකයින් ප්රතිකාර සදහා දෙමෝදර,ඇල්ල,බණ්ඩාරවෙළ හ බදුල්ල රෝහල් සදහා ඇතුලත් කරන අතර අදාල බළධාරීන්ට කිහිපවරක්ම ප්රදේශවාසීන් දැනුම් දුන්නත් මෙතෙක් පිළියම් ලැබී නැති බව පවසති.
ලුණුගල ප්රසන්න පත්මසිරි

