ඇල්පිටිය නවදගල විදුහල් කීඩාංගණයේ ඊයේ (21) පැවති වෙළද ,ප්‍රදර්ශණ හා සැණකෙළියේදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකදී හිසට පොලු පහරක් වැදුණු පොලිස් නිලධාරියෙකු ඇතුලු සිව් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.
මේ ගැටුමෙන් රෝහල් ගත කොට ඇත්තේ පොලිස් සැරයන්වරයෙක් ඌරගස්මන්හන්දිය කොරකීන දෙදෙනෙක් හා ඇල්පිටිය තල්ගස්පේ අයෙක් බවත් ඔවුන් සිව් දෙනාම මේ වනවිට ඇල්පිටිය මූලික රොහලේ පතිකාර ලබන බවද පොලීසිය කියයි.
මේ ගැටුමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන සාමාන්‍ය වැසියන් තිදෙනාම ගැටුම සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන ඇති බව ද පොලීසිය කියයි.
ගැටුම බේරීමට ගිය පොලිස් සැරයන්වරයාට එක් පාර්ශවයක අයෙක් විසින් එල්ල කරන ලද පොලු පහරක් ඔහුගේ හිසට වැදී ඇති බව ද පොලීසිය කියයි. මේ සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.