saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Latest News - timelapse 4125 hours ago

LATEST

තියුණු සටනකින් පසු ලංකාව සුපිරි හතර අතරට

calendar_today 2023 සැප් 05 - 18:32 remove_red_eye - 721  

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයේ ලකුණු දෙකකින් තියුණු තරගයකින් අනතුරුව ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමට සමත්විය.

නිකවැරටිය නගරාසන්නයේ කුඹුරු යායක් මැද තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් අද (05 දා) පස්වරුවේ සොයා ගෙන ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

නවීන තාක්ෂණය සමග සම්බන්ධ කර ගනිමින් මධ්‍යම පළාතේ බස් ධාවන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් පළාතේ ධාවනය කෙරෙන සියළුම බස් රථ ජී.පී.එස් තාක්ෂණයට සම්බන්ධ කිරීමටත්, ජංගම දුරකතන යෙදවුම් මගින් ධාවන කාල සටහන දැන ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට තීරණය කෙරිණි.

Read More

අනතුරකට ලක්ව මොළය මියයෑමෙන් ජීවිතක්ෂයට පත්වූ මලියදේව බාළිකා විදුහලේ විහගනා ආරියවංශ දියණිය ඊයේ ප්‍රතිඵල නිකුත් වූ අපොස උසස්පෙළ විභාගයෙන් ඒ් සාමාර්ථ තුනක් සහිතව සරසවි වරම් හිමිකරගෙ තිබුණි.

Read More

“මගේ පණවගේ හිටපු තාත්තා නැතිවෙලා තුන්මාසයේ පිංකම දිනයදා විභාග ප්‍රථිපල ලැබුණා. තාත්තා ආස කරපු විදියටම අධ්‍යාපන අංශයෙන් ඉහළ තැනක ඉන්න ලැබිම ගැන සතුටට පත්වෙනවා” යැයි ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ 2022 වර්ෂය වසරේ පැවති අ.පො. ස උසස්පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ කේ.පි.සමුදිත නයනප්‍රිය පැවසිය.

Read More

ශ්‍රී ලංකාවේ තායිලන් තාතානාපති කාර්යාලයේ ආරාධනයකට අනුව මුතුරාජා හස්තියාගේ ප්‍රතිකාර කටයුතු සඳහා එක්වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන රාජපක්ෂ පශු වෛද්‍ය මධූෂා පෙරේරා ජ්‍යේෂ්ඨ සත්ත්ව ආරක්ෂක, නදුන් ඇතුලත්මුදලි යන මහත්ම මහත්මීන් සමග තායිලන්ත තානාපති කාර්යාලයේ නිලධාරී දෙදෙනකු ඇතුළු පස් දෙනෙකුගේ කණ්ඩායමක් 04 දින රාත්‍රී 11:00ට පමණ කටුනායක ගුවන් තොටුපොලෙන් තායිලන්තය බලා පිටත් ගියේය.

Read More

මෙවර උසස් පෙළ කලා අංශයේ මහනුවර දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය දෘශ්‍යාබාධිත සිසුවෙකු වන ගෙලිඔය ශ්‍රී ප්‍රඤ්ඤාරතන මධ්‍ය මහා විද්‍යාලයේ එච්. ඒ. තිවංක රණබාහු සිසුවා විසින් හිමි කරගෙන තිබේ .

Read More

ධම්මික පෙරේරා, එස්.බී. හා රංජිත් බණ්ඩාර පාර්ලිමේන්තු කමිටුවකින් ඉල්ලා අස්වෙයි

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “දේශීය ආදායම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව තමා වෙත ලැබී ඇති බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Read More

මෙවර තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලියේදී The International Olympiad in Informatics (IOI) ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

Read More

මෙවර අපොස උසස් පෙළ ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ජි.මානෙත් බානුල ශිෂ්‍යයා විසින් හිමිකරගන්නා ලදී.

Read More

මෙවර උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම පලමු වැනි හා දෙවැනි ස්ථානය හිමි කර ගෙන ඇත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ එකට පාඩම් වැඩ කල මිතුරියන් දෙදෙනෙකි.

Read More

මෙරට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දුම්රිය, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු ආයතන නවීන තාක්ෂණය තුළින් නැවත ගොඩනැඟිය හැකියි. මේ වන විට අප දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙනස්කම් රැසක් සිදු කර තිබෙනවා.

Read More

යුද ගැටුම් හේතුවෙන් දශක තුනක් නැවතී තිබුණු ඛණිජ වැලි ඍජු අපනයන කටයුතු යළි ආරම්භ කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමලය වරායෙන් ටොන් 30,000 ක ’’සර්කෝන්’’ නමැති පළමු ඛනිජ වැලි තොගය රැගත් නෞකාව පෙරේදා (03දා) රාත්‍රී චීනය බලා පිටත් විය.

Read More

කිසිදු හේතුවක් නොමැතිව ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීම නිසා මෙතෙක් සංස්ථාව ලැබූ 4%ක් ශුද්ධ ලාභය මේ වනවිට 6%ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, මෙම ලාභය විදේශීය ඉන්ධන පිරිවුම්හල්වලටත් ලැබෙන බවත් ඉන්ධන, වරයා, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

Read More

වංචනික ලෙස වත්කම් උපයමින් විදේශ රටවල තැන්පත් කරන ලද පුද්ගලයින්ගේ මුදල් නැවත අය කර ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහාය ලබාදීමට එකගවු බැවින් එම කටයුත්ත ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

Read More

සේවා ස්ථානය මාරු කර හැරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නිෂ්ප්‍රභ කළේය.

Read More

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට (04) දින දක්වා වු පැය 24 ක කාලයක් තුල පසුගිය දිනයන්ට සාපෙක්ෂව සැලකිය යුතු වර්ෂාපතනයක් පතිත වු බව ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ උසස් නිලධාරියෙකු පැවසිය.

Read More

වයස් කාණ්ඩ වශයෙන් සලකා බැලීමේදී වයස අවුරුදු 30 හා 39 යන වයස් කාණ්ඩය යටතේ පුද්ගලයින් වැඩි වශයෙන් විදේශ රැකියා සඳහා යොමුවී ඇති අතර, එම ප්‍රමාණය 66,968 කි. දෙවනුව වයස අවුරුදු 40-49 යන වයස් කාණ්ඩයේ පුද්ගලයින් 58,847 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

Read More

මෙරට රෝහල් පද්ධතිය තුළ අක්ෂි කාච සැත්කම් සාමාන්‍ය පරිදි සිදුවන බවත් ඒ සඳහා කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව ලබන නොවැම්බර් මාසය දක්වා අවශ්‍ය අක්ෂි කාච වෛද්‍ය සැපයීම් අංශය මගින් මෙරට රෝහල් සඳහා බෙදා හැර ඇති බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා පැවසීය.

Read More

තලංගම ලැගුම් හලක් තුළදී මනෝ උපදේශකවරියක ගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය කියයි.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සුජාතා මුණසිංහ මානාභරණ නැමති කාන්තාවකි.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2022 විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

Read More

මේ වන විට මත භේදයකට ලක්ව ඇති 2023 අ.පො.ස (උසස් පෙළ) විභාගය - 2023 පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන ආමාත්‍යාංශය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

Read More

පලෙයි අයියකච්චි පළමුවන යාන්ත්‍රික බලඇණියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි හමුදා සෙබලෙකු සිය රාජකාරි ටී 56 ගිනි අවිය සහ උණ්ඩ 120 ක් උරයක දමාගෙන කඳවුරෙන් පලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පළ පොලිසිය පවසයි.

Read More

වවුනියාව මාමඩුව වැව ආසන්නයේ මඩ වලක වැටී වලඅලියෙකු රෝගාතුරව සිටීම හේතුවෙන් අද (04) අලුයම් කාලයේදී මිය ගිය බවට වව්නියාව වනජීවි කාර්යාලය පැවසීය.

Read More

එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිෆරයක් අවශ්‍යය බව පවසා මුහුණු පොතේ සටහනක් තැබූ එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ගෙන ඇත.

Read More

රුපියල් කෝටි ගණන් ඇස්තමේන්තු සකසා මුදල් නොමැති වීම හේතුවෙන් බලධාරින් මග හරිමින් සිටි ගල්ලෑව පුරාණ වැව ගල්වීරගොල්ලෑව ගොවි සමිතිය විසින් රුපියල් ලක්ෂ තුනාහමාරක් වැනි සුලු මුදලක් වැය කරමින් සාර්ථාක ලෙස ප්‍රථිසංස්කරණය කල බව ගම්වාසීහු පවසති.

Read More

බණ්ඩාරගම උයන්වත්ත වැවට පැමිණ විනෝද වීම ජීවිත වලට දැඩි අනතුරුදායක තත්ත්වයක් බව හදිසි මරණ පරීක්ෂක මුළු දිවයිනටම සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා පැවසීය

Read More

රට තුළ පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක පවුල් 28 ක පුද්ගලයින් 98 ක් අද (4) පෙරවරු 6.00 වන විට පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.