saravita-anim2

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 4059 hours ago

LATEST

එකම පවුලේ තිදෙනෙක් මග මරුවාට බිලි

calendar_today 2023 අප්‍රේ 05 - 10:00 remove_red_eye - 434  

තණමල්විල මාර්ගයේ නුුු⁣ගේයාය ප්‍රදේශයේදි 04 දින රාත්‍රි 9.30ටපමණ සිදුවු රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මිගොස් දරුවෙකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 9කින් පරාජයට පත්කරමින් ‌දෙරට අතර පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්තය සමත්විය.

Read More

සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ලකුණු 141ක් රැස් කළේය.

Read More

2023 IPL තරගාවලියේදී ආබාධයකට ලක්වූ කේන් විලියම්සන් වෙනුවට ශ්‍රී ලංකා සීමිත ඕවර නායක දසුන් ශානක බඳවා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තීරණය කර තිබේ.

Read More

සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අනුව නැකතට පැළයක් - ජාතික රෝපණ නැකත මෙවරත් සැමරීමට කටයුතු යොදයි.

Read More

රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේදී සාකච්ඡා කෙරිණි. එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් මාර්තු 22 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

Read More

“රාජ්‍ය වියදම් අඩුකර ගැනීමේ චක්‍ර ලේඛය යටතේ ඉස්සෙල්ලාම විදේශ සංචාරයක යෙදුනේ මම. රුසියාවට ගියේ. පැය 9ක් කොළඹ සිට මොස්කව් වලට ඉකොනොමි ක්ලාස් එකේ තමයි ගියේ.මොකද දැන් ඇමතිවරුන්ට කියලා තියෙන්නේ ආර්ථික පංතියේ යන්න කියලා. ආර්ථික පංතයේ පැය 9ක් ඉදගෙන යන කොට හොඳයි. ඒක ඉතින් හැම කෙනාම කැප කිරීම් කරන්න ඕන. මම ඉතින් යාම් ඊම් දෙකම පැය 9 බැගින් කැප කිරීම් කළා.”

Read More

පළාත් පාලන ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වන කමිටුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.04.03 දින අරලියගහ මන්දිරයේදී රැස්විය.

Read More

2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනා කරණය කර ගැනීමට යටත් ව සබරගමුව, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ හා උතුරු පළාත් සභාවන්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපන වේදී උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

Read More

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

Read More

ලංකා ධීවර සංස්ථාවේ සභාපති ලෙස දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඩී.වී උපුල් මහතා පත් කෙරිණි. එම පත් කිරීමට අදාල ලිපිය අද (04දා) දින ධීවර අමාත්‍යාංශයේදී අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ඩී.වී. උපුල් මහතා වෙත ප්‍රදානය කරන ලදි.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සමයට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව අද සිට ලබන 17 දා තෙක් මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිතය.

Read More

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා 2022.07.20 දින පවත්වනු ලැබූ රහස් ඡන්දය විමසීමේදී භාවිතයට ගනු ලැබූ ඡන්ද පත්‍රිකා විනාශ කරනු ලැබූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (04) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Read More

ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,290 කින් පහළ දැමූ බවත් නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ලාෆ් ගෑස් සමාගම අද (4) පස්වරුවේ නිවේදනය කළේය.

Read More

නවගමුව පොලිස් වසමේ නාගහවත්ත පාර රණාල ප්‍ර දේශයේ නිවසක මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට ලද තොරතුරක් මත කළ වැටලීමකදී එම සාදයට එක්ව සිටි සැකකරුවන් 7ක් හා සැකකාරියන් 04ක් අත්අඩංගුවට ප ගත් බව පොලීසිය කියයි.

Read More

ආසියානු සංවර්ධන බැංකුව, දරිද්‍රතාවය තුරන් කිරීමේ ජපාන් අරමුදල හා ශ්‍රී ලංකා රජයේ ප්‍රති මුල්‍ය දායකත්වය යැටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 123ක් වටිනාකමක් යටතේ ගිලන් රථ 75ක් මිලදී ගැනිමට කැබිනට් අනුමැතිය ල බා දී තිබේ.

Read More

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් රජයේ නිලධාරීන්ගේ මූලික වැටුප ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

කුරුණෑගල මලිය⁣දේව බාලිකා විද්‍යාලයේ විහඟනා ආරියසිංහ සිසුවිය තම අවයව පරිත්‍යාග කර සතයක කාලයක් ගත වීමටත් පෙර හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් මොළය මිය ගිය කුරුණෑගල මලිය⁣දේව පිරිමි විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකුගේ අවයවද ජීවිත රැසක් බේරා ගැනීම සඳහා පරිත්‍යාග කිරීමේ ශෝචනීය පුවතක් වාර්තාවේ.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය මැදිරි ව්‍යාපාරික කටයුතු සඳහා ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

මාර්තු මාසයේදී සංචාරකයන් 125 495ක් පැමිණ ඇති අතර ඒ අනුව ජනවාරි, පෙබරවාරි හා මාර්තු මාස වලදී සංචාරක පැමිණීය ලක්ෂයේ සීමාව ඉක්මවා ගියේය. ජනවාරි මාසයේදී සංචාරකයන් 102 545ක්, පෙබරවාරි මාසයේදී සංචාරකයන් 107 639ක් මෙසේ දිවයිනට පැමිණියේය.

Read More

ලෝක ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වෙන ට්විටර් මාධ්‍ය ජාලයේ සලකුණ ලෙස භාවිත කළ නිල් පැහැති කුරුල්ලා සලකුණ වෙනුවට සමාජ මාධ්‍ය තුළ භාවිත කරන සුනඛයෙකුගේ (Doge Meme) රූපයක් යෙදීමට එලෝන් මස්ක් කටයුතු කර තිබේ.

Read More

සෞන්දර්ය හා කළා විශ්වවිද්‍යාලයේ කුලපතිධුරය සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. වසර පහක කාලයක් සඳහා ඔහුව එම ධුරයට පත්කර තිබේ.

Read More

සී. ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයා ලෙස මාස තුනක (03) කාලයකට නැවත පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ලදී. මෙම පත්කිරීම 2023 මාර්තු 26 වැනි දින සිට ක්‍රියාත්මක වේ.

Read More

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 1,005කින් අද මධ්‍යම රාත්‍රියේ අඩුවන බව ලිට්‍රෝ ලංකා සමාගම පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව සිල්ලර මිල රුපියල් 3,728 කි. මීට සමගාමීව කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රුපියල් 402 කින් අඩු කෙරෙන අතර නව සිල්ලර මිල රුපියල් 1502 කි. කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරය රුපියල් 183කින් අඩු කෙරෙන අතර නව සිල්ලර මිල රුපියල් 700කි.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨය තුළ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන කෞතුකාගාරයේ තිබු ඉපැරණි කෞතුක භාණ්ඩ තොගයක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) අද දින (2023 අප්‍රේල් 03) සිට අප්‍රේල් මස 08 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, මෙම අභ්‍යාසය සඳහා සහභාගීවන ඉන්දීය නාවික හමුදාවට අයත් INS Kiltan සහ INS Savitri යන යුද නෞකාවන් ඊයේ (03) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

Read More

2022/23 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා රජය විසින් තවත් රුපියල් බිලියන තුනක මුදලක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට කිසි සේත්ම බලාපොරොත්තුවක් නැහැ

Read More

ආසියානු සංවර්ධන බැංකුව හරහා ගැන්සයික්ලෝවියන් (Ganzyclovien) නැමැති ප්‍රතිවෛරස එන්නත හා ලිනොසොලිඩ් ( Linezolid) නැමැති ප්‍රතිජීවක ඖෂධය මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කිරීම පමණක් සිදු කර ඇති බැවින් එම ඖෂධ මිලදී ගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Read More

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රගතිය ඇගයීමට ලක් කළ අතර අනෙකුත් ජාතික විශ්ව විද්‍යාල නවීකරණය සඳහා ජාතික උපාය මාර්ගික සැලැස්මක් ද සම්පාදනය කරන ලෙස උපදෙස් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.