බලධාරීන් කෝටි ගණන් ඇස්තමේන්තු සැකසූ වැව ගොවි සමිතය ලක්ෂ තුනෙන් හදයි
රුපියල් කෝටි ගණන් ඇස්තමේන්තු සකසා මුදල් නොමැති වීම හේතුවෙන් බලධාරින් මග හරිමින් සිටි ගල්ලෑව පුරාණ වැව ගල්වීරගොල්ලෑව ගොවි සමිතිය විසින් රුපියල් ලක්ෂ තුනහමාරක් වැනි සුලු මුදලක් වැය කරමින් සාර්ථාක ලෙස ප්‍රථිසංස්කරණය කල බව ගම්වාසීහු පවසති.
විටෙන් විට මෙම වැව ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශයේ දේශපාලන අධිකාරියෙන්ද ඉල්ලීම කළද එයට ද නිසි විසදුමක් හිමි නොවුන බවත් එය ඡන්ද පොරොන්දුවකට පමනක් සීමා වු බවත් එම පිරිස කියයි.
රැබෑව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ තුලාන අංක 79 ගල්වීරගොල්ලෑව ගම්මානයේ මෙම ගල්ලෑව වැව පිහිටා ඇත. වර්ෂ 1947 ට පෙර එම වැව ඉදි වූවායැයි ගම්වාසීහු කියති. කඹුරු අක්කර 100 ට වැඩි ප්‍රමාණයක් අස් වැද්දිය හැකි මෙම වැව කදු වැටියකින් වටවී ඇත. අහස් දියෙන් පමනක් ජලය රදවා ගන්නා ගල්ලෑව වැව මුවන්, ගෝනුන් , වලසුන්, අලි , ඇතුන් ඇතුලු වන සතුන් රැසකගේද පානීය ජල අවශ්‍යතාවය සපුරයි.
හොරෝව්පොතාන - සිඩ්නි රුවන් උබේපාල



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

