පාර්ලිමේන්තු මන්ත්රීවරයන් වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, එස්. බී. දිසානායක මහතා සහ ධම්මික පෙරේරා මහතා, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, 2023 සැප්තැම්බර් 01 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්රීවරයන් වන නිමල් ලාන්සා මහතා, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා සහ මංජුලා දිසානායක මහත්මිය එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව කථානායකවරයා නිවේදනය කළේය
පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය මේජර් ප්රදීප් උඳුගොඩ මහතා විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, 2023 සැප්තැම්බර් 01 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්රී ගරු සංජීව එදිරිමාන්න මහතා එම කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කොට ඇති බවද කථානායකවරයා නිවේදනය කළේය.