මෙවර උසස් පෙළ කලා අංශයේ මහනුවර දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය දෘශ්‍යාබාධිත සිසුවෙකු වන ගෙලිඔය ශ්‍රී ප්‍රඤ්ඤාරතන මධ්‍ය මහා විද්‍යාලයේ එච්. ඒ. තිවංක රණබාහු සිසුවා විසින් හිමි කරගෙන තිබේ .
එම සිසුවා මෙවර උසස් පෙළ විභාගය සඳහා සිංහල, බෞද්ධ ශිෂ්ඨාචාරය හා ජනසන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය යන විෂයන් වලට පෙනී සිටිමින් ඒ සමාර්ථ තුනක් සමගින් විභාගය සමත්ව දිවයිනේ 75 වැනි ස්ථානයට පත්ව සිටී .
ඔහුගේ අනාගත බලාපොරොත්තුව වී ඇත්තේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු එහි ආචාර්ය මණ්ඩලයට එක්ව ඉදිරියේදී මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීම බවයි ඔහු පවසනුයේ .
මෙම සිසුවා අන්ධභාවයට පත්ව ඇත්තේ 10 වැනි වසරේ තෙවැනි වාරයේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටියදීය .
සිසුවා අන්ධ භාවයට පත් වීමට නිශ්චිත හේතුවක් මෙතෙක් වෛද්‍යවරුන් සොයා ගෙන නොමැති අතර මස්තිෂ්ක සුසුම්නා තරළයේ පීඩනය වැඩි වීමකින් ඇස් නොපෙනී ගොස් තිබෙන බවත් එසේ වීමට නිශ්චිත හේතුවක් දන්වා නොමැති බවත් ඔහු පවසයි .
සිසුවා අන්ධභාවයට පත් වීමෙන් පසු ඔහුගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙවන් කතාවකි .
"මා උපත ලබා මාස තුනේ දී මාගේ පියාට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලොව හැර ගොස් තිබෙනවා . ඉන් අනතුරුව තම දරුවාගේ සියලු කටයුතු කරට ගෙන කටයුතු කොට ඇත්තේ සංගීත ආචාර්යවරියක වශයෙන් දැනට 43 වයසේ පසුවන නිරෝෂනී සුජීවා කුමාරි මහත්මියයි .
මගේ අම්මා විෂය කරුණු හා ප්‍රශ්න කියවනකොට මම අහගෙන හිටියා . ඊට පස්සේ ඒවට මම කියන උත්තර අම්මා ලිව්වා .
ඇස් දෙකම පෙනෙමින් සිටියදී එකපාරටම අන්ධ වූ මට සාමාන්‍ය පෙළ විභාගය ලිවීම අභියෝගයක් වුණා .
සාමාන්‍ය පෙළ විභාගයේ දී ගුරුවරු දෙන්නෙක් මට ප්‍රශ්න පත්තරය කියෙව්වා . ඒක අහලා මම පිළිතුරු දුන්නාම ඒවා ගුරුවරියක් එක්ක ලිව්වා . එහෙම ලියලා ඒ සමර්ථ 04 ක් බී සමර්ථ 03 ක් හා සී සමාර්ථ 03 ක් ලබා ගත්තා .
සිංහල ඉතිහාසය, බුද්ධාගම හා සංගීතයට ඒ සමර්ථ ලබා ගත්තා .
උසස් පෙළ කරන කාලයේ ඇස්වලට ප්‍රතිකාර ගැනීමට යාමට සිදුවූ නිසා පාසල් කටයුතු බොහෝ විට අතපසු වුණා . මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කළ වැඩසටහනක් මගින් තමයි විෂය කරුණු ආවරණය කරගත්තේ . ඒවායේ ලබා දෙන නිබන්ධන අම්මා මට ඇහෙන්න කියෙව්වා . ඊට පස්සේ ඒවාට මම ලබාදෙන පිළිතුරු ඇය ලිව්වා . ඇත්තටම මාත් එක්ක උසස් පෙළට අම්මත් ලිව්වා කිව්වොත් නිවැරදියි .
ඇයගේ මහන්සියට අපතේ නොයන ප්‍රතිඵලයක් ඇයට ලබා දෙන්න ඕනේ කියලා මම හැම වෙලාවෙම හිතුවා . විභාගයට පෙනී සිටියාට පසු ඒ සමාර්ථ තුනක් ලැබෙයි කියන විශ්වාසය මට තිබුණා . ඒත් මහනුවර දිස්ත්‍රික්කයේ පළමු වැනි ස්ථානය මට ලැබෙයි කියා මම හිතුවේ නැහැ" යයිද තිවංක අවසන් වශයෙන් පැවසීය .