කොටහේන 6 වන පටුමගේ අද දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඔවුන්ගේ ව්‍යාපාර ආකෘතිය මානව පැවැත්මට නොගැලපෙන බව හොඳින්ම දැනගෙනත්, ඔවුන් නිෂ්පාදනය පුළුල් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මහලේකම්වරයා මෙසේ චෝදනා කර ඇත.
Read More’’ෆීල්ඩ් මාෂල් තනතුර ගන්න මගේ පස්සෙන් අඩ අඩා ආවා. හමුදා මූලස්ථානය ආරක්ෂා කරගන්න බැරි හමුදාපති.’’
Read Moreශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට සහය දෙන බව ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) පවසා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙත ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකම වෙනුවෙන් මෙය සුබදායක ලකුණක් වෙනු ඇත.
Read Moreආදරවන්තයෙකු හෝ ආදරවන්තියක අතර පවතින ආදර සම්බන්ධතාවක් බිඳී යාමෙන් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය විනාශ වීමේ අවධානමක් මතු වන බැවින් එය වළක්වා ගැනීමට අපරාධකරු සහ ඊට ගොදුරු වන්නා වඩා සැලකිලිමත්ව කටයුතු කළ යුතු බව කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය.
Read Moreවසර 60කට වැඩි කාලයකට පසු ප්‍රථම වරට චීනයේ ජනගහනය 2022 දී පහළ වැටීමත් සමග ඉදිරි මාස කිහිපය තුළ ලෝකයේ වැඩිම ජනගහනයක් ජීවත්වන රට බවට ඉන්දියාව පත්වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreතමන් විසින් සක්වල හරහා බස්රථ ලබා දෙන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබන දුවාදරුවන්ට මිස කාගෙවත් ඥාති හිත මිත්‍රාදීන්ට නොවන බවත්,මේ උතුම් සත්කාරයට කුහකකම් නොකරන ලෙසත්,බස්රථ වැඩපිළිවෙළ පිළිබඳව අවශ්‍ය නම් සතියක විවාදයකට තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ උප සභාපති ජී. එස්. විතානගේ මහතා අද (18) දින නව සභාපතිවරයා ලෙස එම අධිකාරියේ දී වැඩභාරගන්නා ලදි.
Read Moreපානදුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ (17දා) ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ නිවසකට කිසියම් පිරිසක් ගිනිතබා විනාශ කර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි .
Read Moreමැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්බන්ධව සාකච්ජා කිරීම සඳහා ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (18දා) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
Read Moreතනි පුද්ගලයෙකුගේ සිතැගි පරිදි ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තුව යටපත් කරමින් කටයුතු සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත චෝදනාවක් ඉදිරිපත් කරමින් පැවැසිය. ඒ අනුව ජනපතිවරයා ඡන්දය නොතියන අරමුණින් කටයුතු කරමින් සිටින බවද ඔහු පැවැසීය.
Read Moreතීරෝද රථ රියදුරෙකුට බිරිඳ හා දරුවා ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු වසර පහකට පසු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreනිදහසේ 75 වන සමරුවට සහභාගි වන ලෙස, ජනාධිපතිවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනය පිළිගනිමින් රට පුරා සිටින සියලු ආදිවාසී නායකයන් සමග, එම ජාතික උත්සවයට සහභාගි වන බව, ආදිවාසී නායක, ඌරුවරිගයේ වන්නිලඇත්තෝ ඊයේ (17දා) පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදි ප්‍රකාශ කළේය.
Read More’’එක පැත්තකින් කියනවා අපිට ඡන්දේ ඕන කියලා. දකින දකින වෙලාවට පස්සෙන් ඇවිත් කියනවා අපි කෑගහුවට කමක් නෑ ඡන්දේ කල් දාලා දෙන්න කියලා. ඒකනේ ඇත්ත කථාව. ආණ්ඩුවේ පනස් දෙනෙකුට වඩා කථා කරලා තියෙනවා. මේක කල් දල දෙන්න කියලා. මේ දූෂිත ඩබල් ඇක්ටින් දේශපාලනය නතර කරන්න ඕන.’’
Read Moreපාස්කු ප්‍රහාර නඩුව අනුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියම වූ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීම වෙනුවෙන් කලාකරුවෙක් වන සුදත්ත තිලකසිරි මහතා ඊයේ (17දා) කොළඹ කොටුවේදී කැට සොලවා මුදල් එකතු කිරීමක් සිදු කළේය.
Read Moreමෙරට සංචාරයක් සදහා පැමිණි කැනඩාවේ විශ්වවිදයාලයක ශිෂයාවක් වන අයුඩෙට් බෙට්මන් අම්බලන්ගොඩ හා ඒ අවට ජනතාව ආර්ථික පීඩාවෙන් දුක්විදින අයුරු දැක ඔවුනට සහනයක් සැලසීමේ අයුරුන් තෝරාගත් අඩුආදායම්ලාභී පවුල්වලට වියළි ආහාර පාර්සක් බෙදා දුන්නාය.
Read Moreමාස හයක් තුළ වඳුරන්, රිළවුන් හා දඬුලේනුන් විසින් විසින් පොල් ගෙඩි මිලියන 93ක් විනාශ කර ඇති බවත් 2022 වසර අවසන් වන විට එම තත්ත්වය පොල් ගෙඩි මිලියන 180- 200 දක්වා ඉහළ ගොස් ඇතැයි ද එම ආයතනය පවසයි.
Read Moreසිහි බුද්ධියෙන් අහපු කෙනෙකුට තේරෙන්න ඕන මම කියනවා දැනට කෝච්චිය යන කාලයට වඩා විනාඩි පහයි ඉතිරි වෙන්නේ මෙකෙන් කියලා. එතකොට මේ කථා කරන්නේ ඔය කියන එල්.ආර්.ටී. මාර්ගය නෙමෙයි. කොළඹ - බත්තරමුල්ල එල්.ආර්.ටී. එක තියෙන්නේ. ජපන් ජයිකා එල්.ආර්.ටී. එක.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22 සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරඟ කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කළේය.
Read Moreආසියාවේ ධනවත්මන නලුවා බවට සුපිරි ඉන්දීය නලු ෂාරුක් ඛාන් නවතම ශ්‍රේණිගත කිරිම්වලදී නම්ව තිබේ. ශාරුක් ඛාන්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 770ක් ලෙසට ගණන් බලා ඇති අතර ඔහු ලෝකයේ ධනවත්ම නලුවන් අතර සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.
Read Moreපසුගිය වසරේදී ශ්‍රි ලංකාවට හාල් මෙට්‍රික් ටොන් මිලියනයක් ගෙන්වා ඇති බවත් ඒ අනුව සහල් අතිරික්තයක් ඇතිවිය හැකි බවත් පාර්ලිමේ්නතු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
Read Moreබහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ සිටින, බහු කාර්ය කාර්ය සහයකයන් 35,000කට ආසන්න තරුණ තරුණියන් විවිධ දෙපාර්තමේන්තු යටතේ ස්ථිර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී අද (17දා) දින ප්‍රකාශ කළේය.
Read Moreවී වගා කිරීමෙන් පසුව සති 04ත්, 06ත් අතර පවතින ගොයම් කහ පැහැ ගැනීම වළක්වා ගැනීම සඳහා බන්ඩි පොහොර හෙවත් MOP පොහොර අනිවාර්යයෙන්ම යෙදිය යුතු යැයි කෘෂිකර්ම පොර්තමේන්තුව අවධාරණය කරයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ඔසුසල් (ෆාමසි) නියාමනය කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (16) පැවති මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී නිළධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreවිදුලිය ගාස්තු වැඩිකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම කිසිදු එකඟතාවයක් ලබානොදීම නිසා විදුලිබල මණ්ඩලය ගැටලු රැසකට මුහුණ දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreධුරයෙන් ඉවත්ව ගිය ජනපතිවරයා වෙනුවෙන් වාහන 19ක් ලබාදී ඇති බවත් ඔහුගේ ආහාර පාන වෙනුවෙන් මසකට රුපියල් 950000ක් පමණ රජය විසින් වැය කරන බවත් ජනපති ලේකම් කාර්යාලයෙන් තමන් ලබාගත් දත්ත අනුව පෙනෙන්නට තිබෙන බව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ මාධ්‍ය වේදියෙක් ප්‍රශ්න කරනු ලැබිය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පස්වන පටුමග, කොළඹ 03 ලිපිනයේ පිහිටි පුද්ගලික නිවසට රාත්‍රි කාලයේ අයුතු ලෙස ඇතුළු වී දේපලවලට පහරදී, ගින්නෙන් හානි කර, දේපළ විනාශ කිරීම සම්බන්ධව සැකකරුවන් අත්ඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.
Read Moreපාස්කු ප්‍රහාර නඩුව අනුව තමන්ට ගෙවීමට නියම වූ රුපියල් කෝටි 10ක වන්දිය ලබා ගැනීම වෙනුවෙන් තමන්ට ආදරය කරන පිරිසගෙන් උපකාර බලාපොරොත්තු වන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසිය.
Read Moreනිදහස් දින සැමරුමක් අනවශ්‍ය බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ කර ඇති බවත් එවැනි දෙයක් ප්‍රකාශ කිරීම ප්‍රාථමික මට්ටමේ බොළඳ සිතුවිල්ලක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
Read More