saravita-anim2

2025 ජුලි මස 28 වන සඳුදා

2025 ජුලි මස 28 වන සඳුදා

Latest News - timelapse 4012 hours ago

LATEST

සංචාරක වීසා මත ඕමානයට යැවූ කාන්තාව ආපසු ගෙන්වා ගැනීමටත් මුදල් ඉල්ලලා

calendar_today 2023 ජන 20 - 22:26 remove_red_eye - 244  

සංචාරක වීසා මගින් කාන්තාවක් නිතිවිරෝධි ලෙස ඕමානයට යවා ඇයට රැකියාවක් නොලැබීම හේතුවෙන් ආපසු ගෙන්වා ගැනීමට රු.460,000.00 ක මුදලක් ලබාගත් කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරින් මගින් අත්අඩංගුවට ගන්නා ලදි.

අධ්‍යාපන චාරිකාවක් සදහා නුවරඑළියට ගොස් සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක්, වෑන් රථයක් හා ත්‍රි රෝද රථයක් ගැටී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

නානුඔය - රැදැල්ල මාර්ගයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරකින් හය ජීවිතක්ෂයට පත්ව ඇති අතර 40 ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

Read More

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් සැගර්යාන් මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Read More

විදේශගත වන ශ්‍රමිකයන්ගෙන් සියයට 56කගේ අධ්‍යාපන මට්ටම අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් බව මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ කුරුණෑගල ශාඛාව අනාවරණය කර සිටී. මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ සංක්‍රමණික සේවා ගිවිසුම් පිළිබඳ සිදු කරන ලද සමීක්ෂණයක් මගිනි

Read More

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අතර හමුවක් අද (20දා) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

හෙලිකොප්ටරය උඩ නග්ගනකොටම බිම වැටුණා. දැන් ඒකෙ තටු කැඩිලා යනුවෙන් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අතර “ද්වීපාර්ශ්වික සබඳතා, ඒකාබද්ධ ව්‍යාපෘති සහ ශ්‍රී ලංකාවට ලබාදෙන ඉන්දියානු සහාය” පිළිබඳ සාකච්ඡාවක් අද (20දා) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

මැතිවරණයට නාමයෝජනා දුන්නේ මැතිවරණය කල් දැමීමට නොව මැතිවරණය පැවැත්වීම සදහා බවත් මෙම පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණයට පැවැත්වීමටද බලාපොරොත්තු වන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මෙවර පලාත් පාලන මැතිවරණයේ දී මාතර මහ නගර සභාවට ජාතික ජන බලවේගයෙන් තරග කිරීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (20දා) මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී වයි.වික්‍රමසිරි මහතා වෙත නාම යෝජනා භාර දුන්නේය.

Read More

සිනමාවේදීනී ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට (21දා) පස්වරු 4.00ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතය.

Read More

අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලා ගන්නැයි බල කරමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවය මුදල් අමාත්‍යංශය ඉදිරිපිට ලෝටස් පාරේ දී පැවැත්වේ.

Read More

වී වගාව සඳහා අත්‍යාවශ්‍ය රසායනික පොහොර විශේෂයක් වන මඩ පොහොර හෙවත් Triple Super Phosphate (TSP) පොහොර එළැඹෙන යල කන්නයේ දී දිවයිනේ සියලුම ගොවීන්ට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි

Read More

මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ ‍මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව ඊයේ (19දා) රාත්‍රියේ , සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 989 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි

Read More

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

Read More

ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේදී අද (20දා) අලුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළට පෙරළී යාමෙන් එහි ගමන් ගත් එකම පවුලේ හතර දෙනෙකු සහ රියැදුරු ඇතුළු පහක් තුවාල ලබා ගලේවෙල සහ දඹුල්ල රෝහලට ඇතුළු කර බව ගලේවෙල පොලිසිය පවසයි.

Read More

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 14 දෙනෙකු එරටින් පිටුවහල් කර අද (20දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

Read More

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල නිල්බෝවිල ප්‍රදේශයේ දී ගුවන් හමුදාකැබ් රථයක් ඊයේ (19දා) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක ගැටි සිදු වූ අනතුරකින් ගුවන් හමුදා හමුදා නිළධාරින් හයදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි .

Read More

ප්‍රවීණ සිනමා නළු රන්ජන් රාමනායක මහතා සිය ඇමෙරිකානු සංචාරය නිමා කර අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. ඒ මහතා ඇමෙරිකාවේ සිට ඕමානය වෙත පැමිණ තිබූ අතර අද අලුයම 04.50 ට ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු කාමරයේ මුදල් සොරකම් කිරීම පිළිබඳ සිද්ධියේ විමර්ශන කටයුතු අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා දී තිබේ.

Read More

නැගෙනහිර හා ඌව පළාත්වලට මේ දිනවල බලපා ඇති වියළි කාලගුණ තත්ත්ව‌යේ වෙනසක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පැදවූ යතුරුපැදියේ ආදායම් බලපත කල් ඉකුත්වූ කාන්තාවකගෙන් රු.20000/= අල්ලසක් ගත් ඇල්පිටිය පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙක් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.

Read More

පේරාදෙනිය දඬුවාව පුරාණ රජමහා විහරයේ උඩ මළුවේ පූජා පවත්වමින් සිටි ස්වාමීන්වහන්සෙ නමකගේ ඇඟ මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බරපලත තුවාල ලබා පේරාදෙනිය රෝහලට ඇතුළත් කිරීමේදී අපවත් වී ඇතැයි පොලීසිය කියයයි. අවුරුදු 18ක් වන හිමි නමක් මෙසෙ අපවත් වී තිබේ.

Read More

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 61 කින් සංශෝධන සහිතව සම්මතවිය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 97ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 36 ක් පමණි.

Read More

පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පළාත්පාලන ආයතන 12ක් වෙනුවෙන් කණ්ඩායම් 75ක් හා ස්වාධීන කණ්ඩායම් 12ක් ඇප මුදල් තැන්පත්කර තිබේ.

Read More

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවිය ඝාතනය කළ ඝාතකයා අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩයේ කැඳවුම්කරු වසන්ත කුමාර මුදලිගේ සමඟ අරගලයේ හිටපු කෙනෙක් යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

මත්පැන් බෝතල් වල අලවන ලද ව්‍යාජ ස්ටිකර් පිළිබඳ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව තමන් වෙත ලබුණ බවත් ඒ අනුව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරිම සිදු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංංජිත් සියඹලිපිටිය මහතා පවසයි.

Read More

විදේශ රැකියා ඒජන්සි ආයතන වලට එරෙහිව 2022 වසරේ ලැබුණු පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව ඒජන්සි පාර්ශව වෙතින් රු.38,087,000.00 (තුන්කෝටි අසුලක්ෂ අසුහත්දහසක) මුදලක් පැමිණිලි පාර්ශව වෙත අයකර දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය කටයුතු කර ඇත.

Read More

ලංකා සතොස මගින් අලෙවි කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 12ක මිල අඩු කිරීමට කටයුතු කර තිබේ. මේ අනුව සහල්, තිරිඟු පිටි, හාල්මැස්සන්, ලොකු ලූණු, වියළි මිරිස් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12ක මිල මෙසේ අඩුකර තිබේ.

Read More

යාපනය නල්ලූර් කෝවිල ආසන්නයේ ආපනශාලාවකට ගිය පුද්ගලයෙකුට උදෑසන ආහාරය සඳහා දුන් වඩයක් තුල කැරපොත්තෙකු සිටීමෙන් ආපනශාලා හිමිකරුට රුපියල් 80,000 ක දඩමුදලක් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කොට ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.