තලංගම ලැගුම් හලක් තුළදී මනෝ උපදේශකවරියක ගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය කියයි.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සුජාතා මුණසිංහ මානාභරණ නැමති කාන්තාවකි.
ඝාතනයට ලක්වූ කාන්තාව තවත් පිරිමි පුද්ගලයකු සමඟ ඉකුත් 26 වෙනි දින ලැගුම් හලට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඇය සමඟ ලැගුම්හලට පැමිණි පිරිමි පුද්ගලයා ඊයේ (03දා) ලැගුම්හලින් පිටතට ගොස් රාත්‍රී යළිත් පැමිණ ඇති අතර යළිත් පිටතට ගියා දැයි එහි මුදල් අයකැමිවරයාට නිසි මතකයක් නැතැයි පොලිසිය කියයි.
ඊයේ දහවල් කාලයේ සිට කාන්තාව පෙනෙන්නට නොසිටීම හේතුවෙන් ලැගුම්හලේ සේවකයන් විසින් කාමරයේ දොර කඩා බැලීමේදී කාන්තාව කාමරේ ඇඳ උඩු ලේ විලක් මැද මැරී සිටින අයුරු දැක පොලිසියට දැනුම් දී ඇත.
ඉකුත් 24 ,25 හෝ දිනක ලැගුම්හලට පැමිණෙන විට එම කාන්තාව ඇයගේ හැඳුනුම්පත නොමැති බව පවසමින් කොල කැබැල්ලට සටහන් කරන ලද හැඳුනුම්පත් අංකයක් අයකැමිවරයා වෙත ලබාදී තිබූ බවත් එය ව්‍යාජ එකක් බවට සැක කරන බවත් පොලිසිය කියයි.
එහි 1977 ලෙස සටහන් වුවද ඝාතනයට ලක්වූ කාන්තාවගේ වයස ඊට වඩා වැඩි විය හැකි යැයි පොලීසිය සැකකරයි. ඇයගේ ගමන් බෑගයේ තිබූ ලිපිනයක් ඔස්සේ සිදුකළ පරික්ෂාවේදී එය හපුතලේ ප්‍රදේශයේ ලැගුම්හලකට අයත් එකක් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ බවට සිතිය හැකි ඇය විසින් හමුදාවට, පොලිසියට උපදේශන සේවා ලබා දුන් බව සඳහන් ප්රවෘත්ති වාර්තා ද ඇය ලැගුම් ගෙන සිටි ලැගුම්හලේ කාමරේ තිබී පොලිසිය මඟින් සොයාගෙන ඇත. ලැගුම්හලේ සීසීටීවී කැමරා ද ක්‍රියා විරහිත වී ඇතැයි පොලිසිය කියයි.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ අනන්‍යතාවය සනාථ කර ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි.
බිමල් ශ්‍යාමන්/ඉන්දිකා රාමනායක
