saravita-anim2

2025 ජුලි මස 28 වන සඳුදා

2025 ජුලි මස 28 වන සඳුදා

Latest News - timelapse 4016 hours ago

LATEST

ඕමානයේ සුරක්ෂා නිවසේ සිටි තවත් පිරිසක් දිවයින

calendar_today 2023 ජන 20 - 11:10 remove_red_eye - 227  

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 14 දෙනෙකු එරටින් පිටුවහල් කර අද (20දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල නිල්බෝවිල ප්‍රදේශයේ දී ගුවන් හමුදාකැබ් රථයක් ඊයේ (19දා) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක ගැටි සිදු වූ අනතුරකින් ගුවන් හමුදා හමුදා නිළධාරින් හයදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි .

Read More

ප්‍රවීණ සිනමා නළු රන්ජන් රාමනායක මහතා සිය ඇමෙරිකානු සංචාරය නිමා කර අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. ඒ මහතා ඇමෙරිකාවේ සිට ඕමානය වෙත පැමිණ තිබූ අතර අද අලුයම 04.50 ට ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු කාමරයේ මුදල් සොරකම් කිරීම පිළිබඳ සිද්ධියේ විමර්ශන කටයුතු අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා දී තිබේ.

Read More

නැගෙනහිර හා ඌව පළාත්වලට මේ දිනවල බලපා ඇති වියළි කාලගුණ තත්ත්ව‌යේ වෙනසක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පැදවූ යතුරුපැදියේ ආදායම් බලපත කල් ඉකුත්වූ කාන්තාවකගෙන් රු.20000/= අල්ලසක් ගත් ඇල්පිටිය පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙක් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.

Read More

පේරාදෙනිය දඬුවාව පුරාණ රජමහා විහරයේ උඩ මළුවේ පූජා පවත්වමින් සිටි ස්වාමීන්වහන්සෙ නමකගේ ඇඟ මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බරපලත තුවාල ලබා පේරාදෙනිය රෝහලට ඇතුළත් කිරීමේදී අපවත් වී ඇතැයි පොලීසිය කියයයි. අවුරුදු 18ක් වන හිමි නමක් මෙසෙ අපවත් වී තිබේ.

Read More

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 61 කින් සංශෝධන සහිතව සම්මතවිය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 97ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 36 ක් පමණි.

Read More

පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පළාත්පාලන ආයතන 12ක් වෙනුවෙන් කණ්ඩායම් 75ක් හා ස්වාධීන කණ්ඩායම් 12ක් ඇප මුදල් තැන්පත්කර තිබේ.

Read More

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවිය ඝාතනය කළ ඝාතකයා අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩයේ කැඳවුම්කරු වසන්ත කුමාර මුදලිගේ සමඟ අරගලයේ හිටපු කෙනෙක් යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

මත්පැන් බෝතල් වල අලවන ලද ව්‍යාජ ස්ටිකර් පිළිබඳ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව තමන් වෙත ලබුණ බවත් ඒ අනුව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරිම සිදු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංංජිත් සියඹලිපිටිය මහතා පවසයි.

Read More

විදේශ රැකියා ඒජන්සි ආයතන වලට එරෙහිව 2022 වසරේ ලැබුණු පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව ඒජන්සි පාර්ශව වෙතින් රු.38,087,000.00 (තුන්කෝටි අසුලක්ෂ අසුහත්දහසක) මුදලක් පැමිණිලි පාර්ශව වෙත අයකර දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය කටයුතු කර ඇත.

Read More

ලංකා සතොස මගින් අලෙවි කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 12ක මිල අඩු කිරීමට කටයුතු කර තිබේ. මේ අනුව සහල්, තිරිඟු පිටි, හාල්මැස්සන්, ලොකු ලූණු, වියළි මිරිස් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12ක මිල මෙසේ අඩුකර තිබේ.

Read More

යාපනය නල්ලූර් කෝවිල ආසන්නයේ ආපනශාලාවකට ගිය පුද්ගලයෙකුට උදෑසන ආහාරය සඳහා දුන් වඩයක් තුල කැරපොත්තෙකු සිටීමෙන් ආපනශාලා හිමිකරුට රුපියල් 80,000 ක දඩමුදලක් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කොට ඇත.

Read More

නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පුද්ගලික සමාගමක් නමින් මාරවිල මුදුකටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිතායතනයක් වටලා එහි හිමිකරු ඇතුළු තවත් පුද්ගලයෙකු පෙරේදා (17දා) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී

Read More

මට අද විනාඩි පහලොවක් තිබුණත් මට ලැබුණේ විනාඩි 13යි. අප කීප දෙනෙකුට කාලය නැතිවෙනවා. විපක්ෂනායකතුමාට කාලය දීපුවාම එතුමා මේක කියවනගෙන කියවගෙන යනවා කාලය අරගෙන. උදේ දහය වෙනකම් කථා කරනවා. සමහර වෙලාවට විපක්ෂනායකතුමා පැයක දෙකක් කථා කරනවා. මෙකෙන් අපේ වරප්‍රසාද නැති වෙනවා. මෙකෙ කියවන්න ගියාම අපේ කාලයෙන් අඩු වෙනවා. විපක්ෂනායකතුමා කථා කරන්න ගත්තාම මයික් ටයිසන් වගේ. මෙකක්ද මේ. කියවිල්ල ඉවරයක් නෑ

Read More

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කල්ලාරූ රක්‍ෂිතයේ පුද්ගලයින් නැවත පදිංචි කිරීම සඳහා අනවසර ඉදිකිරීම් කිරීමට එහි අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් එළි කිරීම නීතිවිරෝධි බව තීන්දු කරමින් හානි වූ රක්ෂිත ප‍්‍රදේශ වලට සමාන වපසරියකින් යුතු වෙනත් ප‍්‍රදේශයක රුක් රෝපණ වැඩසටහනක් හිටපු අමාත්‍ය රිෂාඞ් බදුද්දීන්ගේ මුදලින් කරන ලෙස නියම කරමින් අභියාචනාධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා ඒ මහතා ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19දා)

Read More

නාසා සහ බෝයිං මෙම දශකය තුළ වායු විමෝචනය අඩු කරන ගුවන් යානයක් තැනීම, පරීක්ෂා කිරීම සහ පියාසර කිරීම සඳහා තිරසාර ගුවන් ගමන් නිරූපණ ව්‍යාපෘතිය සඳහා එක්ව කටයුතු අරඹා තිබේ.

Read More

මැතිවරණයකට වියදම් කිරීම රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බවට ඉදිරිපත් වන තර්කය වැරදි තර්කයක් බව පවසන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා කරුණු තුනක් පදනම්ව එය ආර්ථිකයට ධනාත්මකව බලපාන බව ද පවසයි.

Read More

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයිෂංකර් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද (19දා) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

මොරගහහේන ගෝනපොල ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක් සන්තකයේ තිබි පොලිස් භාරයට ගත් ගජමුතුව, දුර්ලභ වර්ගයේ ගජමුතුවක් බවට වාර්තා වූ බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසයි.

Read More

කියෙව් වෙත සහාය දැක්වීමට ඇති උනන්දුව නැතිවීමට එරෙහිව පෝලන්ත අගමැති බටහිර නායකයින්ට අනතුරු අඟවා තිබේ.

Read More

මේ පනත මේ මැතිවරණයට බලපාන්නේ නැතිව සම්මත කරනවානම් අපි සහාය දෙනවා. මේ පනතට හරි ලස්සන දවටනයක් ගෙනාවා. දවටනය හොඳයි අරමුණ වස ගුලියක්. ඉතා හොඳ දවටනයක ඔතන ලද වස ගුලියක් මේ පනත

Read More

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ගුජරාට් ප්‍රාන්තයේ අග නගරය වන අහමදාබාද් හි තෙදින නිල සංචාරයක නිරත වූ අතර එහි දී අදානි සමුහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මුණ ගැසුණ අවස්ථාව මෙහි දැක්වේ.

Read More

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD - 23) යුද නෞකාව, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය - 2023 (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) සඳහා සහභාගීවීමට අද දින උදෑසන (2023 ජනවාරි 19) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීම අද (19දා) සිදු කෙරිණි.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ පියාගේ පාලන සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයට මහා භාණ්ඩාගාරයෙන් චෙක්පත් ලියාදුන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික නිලධාරීන් මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක මහජනතාව අපහසුතාවයට පත්වී ඇති කරුණු තුනක් පදනම්ව එළැඹෙන 23 වැනි දින සිට කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

Read More

දකුණු කළුතර දුම්රිය ස්ථානයේ අද (19දා) උදෑසන දුම්රියක් පීලිපැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ලවිය.

Read More

පානදුර බණ්ඩාරගම මාර්ගයේ අලුබෝමුල්ල ප්‍රදේශයේදී ඊයේ (18දා) රාත්‍රී තරුණ තරුණියන් 6 දෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් වැඩිහිටි නිවසක් ඉදිරිපිට තිබෙන තාප්පයක ගැටීමෙන් හය දෙනාම බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව අලුබෝමුල්ල පොලිසිය පවසයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.