“මගේ පණවගේ හිටපු තාත්තා නැතිවෙලා තුන්මාසයේ පිංකම දිනයදා විභාග ප්‍රථිපල ලැබුණා. තාත්තා ආස කරපු විදියටම අධ්‍යාපන අංශයෙන් ඉහළ තැනක ඉන්න ලැබිම ගැන සතුටට පත්වෙනවා” යැයි ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ 2022 වර්ෂය වසරේ පැවති අ.පො. ස උසස්පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ කේ.පි.සමුදිත නයනප්රිය පැවසිය.
ගාල්ල, හිනටිගලපාර, උණවටුන ප්‍රදේශයේ පදිංචි සමුදිත නයනප්රිය සිව් දෙනෙකුගෙන් යුත් පවුලක බාල දරුවාය. ඔහුගේ මව ඇදුම් මැසිමේ නිරතඑමින් ජීවිකාව සරිකරගන්නීය. සිය ජයග්‍රහනය පිළිබද අදහස් දක්වමින් නයනප්රිය මෙසේ කිවේය.
“මම ගාල්ල උණවටුන මහාවිද්‍යාලයේ ප්‍රාථමක අධ්‍යාපනය හැදැරුවා. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වෙලා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට උස්ස අධ්‍යාපනය හැදැරිමට ගියා. සා.පෙළ විභාගයෙන් විෂයන් 09ටම ඒ සමාර්ථ ලබා ගත්තා. තාක්ෂණ විෂය ධාරවෙන් 2022 වර්ෂයේ උසස්පෙළ විභාගයට පෙනි සිටියා. ඇත්තටම සතුටුයි. තාත්තා නැතිවෙලා තුන්මාසයේ පිංකම දිනයදා විභාග ප්‍රථිපල ලැබුනා. තාත්තා ආශා කරපු විදියටම අධ්‍යාපන අංශයෙන් ඉහල තැනක ඉන්න ලැබිම ගැන සතුටුයි. තාත්තා හිටියනම් කොච්චර සතුටු වේවිද. විභාගය සමත්වන බව දැනගෙන හිටියා. නමුත් ලංකාවෙන්ම පළමු තැනට පත්වේවි කියලා හිතාගෙන හිටියේ නැහැ.“
උපකාරක පංතිවලට ගියා. මම 01,02,03,04 යන පංතිවල දි මාගේ තාත්තා මාව හුරුකළා පාසල් අධ්‍යාපනයට. මම කු ඩාකාලයේ සිට කැමති බාහිර අධ්‍යාපනක්‍රමවලට. තාත්තා මට කුඩා කාලයේ දි උගන්වපු දේවල් හා තාත්තා මාව ගයිඩ් කරපු විදිය නිසා තමයි මට අද මෙම තත්වයට එන්න පුළුවන් වුනේ. තාත්තා ඒ විදියට නොකරන්න සමහර විට අද මම මෙතන නොඉන්න පුළුවන්.
උසස්පෙළ විභාගයේ විශිෂ්ඨ ප්‍රථිපලයක් ගන්න අනිවාර්යෙන් මහන්සි වෙන්න ඕන. කවුරුහරි කියනවානම් කිසිදු මහන්සියන් නොවී එවැනි ප්‍රථිපලයක් ගන්න පුළුවන් කියලා එක ඇත්තටම බොරුවක්. මමත් මහන්සි වුණා. නමුත් මම දකින දෙයක් තමයි ළමයි මහන්සි වුනාට කාර්යක්ෂමතාවය අඩුයි. ගොඩක් දේවල් අපතේ යනවා. හොදම උදාහරණය තමයි ජංගම දුරකථනය. වත්මන් අධ්‍යාපන ක්‍රමය එක්ක ජංගම දුරකථනය නැතිව අධ්‍යාපන කටයුතු කරගෙන යන්න අපහසුයි. කොවිඩි වසංගතයටත් අපිට මුහුණ දෙන්න වුණා. දුරකථනය හා අන්තර්ජාලය අත්‍යවශ්‍ය දෙයක්. උසස් පෙළ විභාගය ලියන්නේ වැඩිහිටි සිසුන්.ඒ නිසා මෙවා පරිහරණය කිරිමේ දි වැරදි දේවල්වලට යොමු නොවීමට ඒ අය වගබලාගත යුතුයි.
2023, 2024 විභාගයට පෙනි සිටින නංගිලා, මල්ලිලා ඒ අයගේ කාලය සෘනාත්මක දේවල්වලට වෙන්කරලා තියෙනවා වැඩියි. මගේ අරමුණ, පාත් එක තොරාගත්තේ මම. තාත්තා මගේ පාත් එකේ යන්න ඉඩදුන්නා. මගේම විදියට ඉදිරියට යන්න මම බලාපොරොත්තුවෙනවා. ඉ
දිරියේ දි මගේ නම, මාව දැනගන්න පුළුවන් විදියට මම වැඩකරන්න බලාපොරොත්තුවෙනවා. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ගියාට පසු තමයි මාව ලෝකය දකින්න පුරුදුවුනේ. විවිධ සංස්කෘතික වෙනස්කම් දකින්න පුළුවන් වුණා. ලෝකයේ දේවල්වලට හුරුවෙන්න පටන්ගත්තේ රිච්මන්ඩ් විද්‍යාලයට ගියාට පස්සේ. විද්‍යාලයේ ආචාර්යවරු, තවත් ගුරුවරු අමතර පංති පැවැත්වුවා. විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට මෙහිදි මගේ ස්තුතිය පුදකරනවා” යැයිද සමුදිත නයනප්රිය අප සමග පැවසුවේය.
