වසර 20කට පසුව ඛණිජ වැලි සෘජු අපනයනය අරඹයි
යුද ගැටුම් හේතුවෙන් දශක තුනක් නැවතී තිබුණු ඛණිජ වැලි ඍජු අපනයන කටයුතු යළි ආරම්භ කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමලය වරායෙන් ටොන් 30,000 ක "සර්කෝන්" නමැති පළමු ඛනිජ වැලි තොගය රැගත් නෞකාව පෙරේදා (03දා) රාත්‍රී චීනය බලා පිටත් විය.
ඍජු අපනයන කටයුතු නැවතීමෙන් පසු දශක තුනක් ඛනිජ වැලි අපනයන කටයුතු සිදුවී ඇත්තේ තවත් මැදිහත් පාර්ශ්වයකට මෙම ඛනිජ වැලි ලබාදීමෙන් බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වැඩ බලන නේවාසික කළමනාකරු හා නියෝජ්‍ය හාබර් මාස්ටර් කපිතාන් ශ්‍රියන්ත අරම්පත් මහතා පැවසීය.
මැදිහත් පාර්ශ්වයක් නොමැතිව ඍජු අපනයන කටයුතු ආරම්භ කිරීම මගින් එහි ප්‍රතිලාභය පුල්මුඩේ පිහිටි ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමට ලැබෙන අතර, මෙහෙයුම් කටයුතුවලින් විශාල ආදායමක් වරාය අධිකාරියට ලැබෙන බව වැඩ බලන නේවාසික කළමනාකාරවරයා කීය. ඉදිරි දිනවල තවත් නෞකා දෙකක් යොදා ගනිමින් ඉල්මනයිට් ටොන් 60,000ක් චීනයට යැවීමට නියමිත බවද හෙතෙම පැවසීය.
ත්‍රිකුණාමලය චමෝද්‍යා

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

