saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 3638 hours ago

LATEST

ඉන්ධන ලීටරයකින් රජයට රුපියල් 100කට ආසන්න බදු ආදායමක්

calendar_today 2023 ජුලි 02 - 16:55 remove_red_eye - 554  

ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන ඉන්ධන හරහා සෑම ඉන්ධන ලීටරයකින්ම රජයට රුපියල් 100කට ආසන්න බදු මුදල් ලැබෙමින් පවතී.

රත්මලානෙන් ගුවන් අරඹා පැයයි විනාඩි දහයක ගුවන් ගමනකින් පසුව යාපනයට ළඟා විය හැකි වන පරිදි ක්‍රියාත්මක කෙරෙන අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ආරම්භ කළ බව රත්මලාන ගුවන් තොටුපලේ කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රටවල් පනහක මෙරට තානාධිපතිවරුන් කොළඹ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වාවයිස්රොයි විශේෂ දුම්රිය (01) දින සංචාරයක් ආරම්භ කර ඇත.

Read More

එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 165කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

ශ්‍රී ලංකාවේ නොසැලකිලිමත් සැලකිල්ල හේතුවෙන් නැවතත් තායිලන්තට රැගෙන ගිය මුතුරාජා හස්තියා රැගත් ගුවන් යානය එරට චියන්මායි ගුවන්තොටුපොළට සාර්ථකව ගොඩ බස්සවනු ලැබීය.

Read More

කරන්දෙණිය රාජ්‍ය බැංකුවක් ඊයේ රාත්‍රී කොල්ල කා ඇතැයි කරන්දෙණිය පොලීසිය කියයි. දෙදෙනෙකු විසින් බැංකු ශාඛාවේ ඉහළ මාලයේ ජනේලයක් බිද බැංකු ශාඛාවකට ඇතුලුවී ඇති බවත් අලවංගුවක් රැගෙන ගිය එක් අයෙක් එහි සේප්පුව බිදීමට උත්සහා කළ අවස්ථාවේදී එම බැංකු ශාකාවේ ආරක්ෂිත සංඥාව කියාත්මකවීමත් සමගම සොරුන් පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තායිලන්තය වෙත රැගෙන ගිය මුතු රාජා හෙවත් සක්සුරින් ඇතා රැගත් ගුවන් යානය 07/02 දින ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.33 ට තායිලන්තයේ ’’චියෑන් මායි’’ ( Chiang Mai ) ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.

Read More

වෘත්තියෙන් ලියාපදිංචි වෛද්‍යවරයකු බව හඟවමින් නීති විරෝධී වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

Read More

අස්වැසුම සුබසාධක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටළුකාරී තත්ත්වයන් විසඳිමේ බලය ග්‍රාමීය කමිටුවලට පැවරිය යුතු බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය හිමිවිය.

Read More

• ජූලි 4 වැනි අගහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වේ. • “උසාවිවල අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු” පිළිබඳ කල් තැබීමේ විවාදය ජූලි 5 වැනිදා. • දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය දෙවැනි දිනටත් ජූලි 6 වැනිදා.

Read More

ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයන ඇඟළුම් නිෂ්පාදන හා අපනයන කර්මාන්තකරුවන් නියෝජනය කරන සංවිධානය වන ඒකාබද්ධ ඇඟළුම් නිෂ්පාදකයන්ගේ සංසදය පසුගියදා පැවති ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ ආංශික අධීක්‍ෂණ කාරක සභාව හමුවට කැඳවන ලදී.

Read More

ර‍ට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය සඳහා ටිරාන් අලස් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පහත සඳහන් මන්ත්‍රීවරයන් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (01) පාර්ලිමේන්තුවට නිවේදන කළේය.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට විටින් විට පවතින දැඩි වර්ෂාව හේතුවෙන් නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය 02වන දින උදැසන සිට පිටාර ගැලිම ආරම්භවි ඇත.

Read More

තායිලන්තය විසින් මීට වසර 22 කට පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුතු රාජා හෙවත් ’’ සක්සුරින් ’’ 07/02 දින උදෑසන යළිත් ආපසු තායිලන්තය වෙත රුසියානු විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් රැගෙන ගියේය .

Read More

ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය සංශෝධන සහිතව අද (01) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 60 කින් සම්මත විය.

Read More

ඉතිහාසයේ ප්‍රථමවරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී නොවන එක්දින ලෝක කුසලාන තරගාවලියක් තවත් නොබෝ දිනකින් ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතය.

Read More

සිගරැට් මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව සිගරැට් කාණ්ඩ හතරක් යටතේ රුපියල් 5 කින්, 15කින්, 20කින් සහ 25කින් මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති බව බවද වැඩිදුරටත් දැනගන්නට තිබේ.

Read More

සුරාබදු වැඩි කිරිමට සමගාමීව අරක්කු හා බීර මිලද වැඩි කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව විවිධ වර්ගවලට අයත් බීර බෝතලක මිල රුපියල් 300කින් ඉහළ නැංවෙනු ඇති අතර අරක්කු බෝතලයක මිල රුපියල් 50කින් ඉහළ යාමට නියමිතය.

Read More

අද (01) සිට ක්‍රියාත්මක වනපරිදි විදුලි ගාස්තු සියයට 14.2කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ජුනි මාසයේ දී සියයට 12.0 ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ.

Read More

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුවට (Department of Government Information) ඊයේ (30දා) සයිබර් ප්‍රහාරයක් එල්ල විය. මේ අනුව එම ෆේස්බුක් පිටුව වෙත යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවීමටද කටයුතු කළේය.

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (30දා) මධ්‍යම රාත්‍රීයේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Read More

ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ තුළින් පොලී අනුපාත අඩුවීමක් සිදුවන නිසා මූල්‍ය බැඳීම්වලින් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයන්ට සහනයක් හිමිවන බවයි.

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල යෝජනාවලට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය අද (30) හිමිවිය.

Read More

ලියාපදිංචි වීමට නොහැකි වූවන්ට අගෝස්තු මාසයේ දී යළිත් අවස්ථාව. ලිඛිත අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ජූලි 10වනදා තෙක් අවස්ථාව.

Read More

පූනාගල සිට කොස්ලන්ද දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීවිල් රථයක් අද 30 කොස්ලන්ද දෙමළ මහා විදුහල ආසන්නයේදී බස් රථයක පිටුපස හැපි නැවත අඩි තිහක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පාසල් දරුවන් පස් දෙනෙකු සහ තීරෝද රථ රියදුරු තුවාල ලබා කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලීසිය කියයි.

Read More

කින්නියා පොලිස් වසමේ සුරංගල්, තඹලගමුව මාර්ගයේ රතු පාලම ආසන්නයේ යතුරු පැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ අයිනේ තිබූ බෝක්කුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 5ක් වන දැරියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Read More

ප්‍රියංකරගම, අධිරාණිගම ප්‍ර දේශයේ නිවසක තනිව ජීවත් වූ යුද හමුදා සෙබෙලෙක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි පොලිසිය කියයි. අවුරුදු 31ක් වන පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කළ සෙබෙලෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඉඟිනියාගල, වාවින්න ප්‍ර දේශයේදී කොස් ගෙඩියක් කැඩීම සඳහා කොස් ගසකට නැගි පුද්ගලයෙක් කොස් ගසින් වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.