පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරය තුළ රාජකාරි කරන බන්ධනාගාර නියාමකවරුන් හය දෙනෙකු හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බවත් ඔවුන් බන්ධනාගාරය තුළ මත්කුඩු ජාවාරමක් සිදු කරගෙන යන බවටත් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට තොරතුරු ලැබී තිබේ.
දංගොල්ලේ කුඩු නයනා නමැති ප්‍රසිද්ධ කුඩු ජාවාරම් කාරණීය අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත සිදු කරන ප්‍රශ්න කිරීම් වලදී ඇය මෙම තොරතුරු පොලිසියට අනාවරණය කරමින් යන බව ඉහළ පොලිස් නිලධාරියකු පැවසීය .
එම බන්ධනාගාර නියාමකවරුන් අතරින් ඇතැම් බන්ධනාගාර නියාමකවරුන් මසකට හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පහළොවකට අධික ප්‍රමාණයක් තමන්ගෙන් මිලදී ගන්නා බවටද පොලිසියට කරුණු අනාවරණය කොට තිබේ .
ඉහළ පොලිස් නිලධාරියකු සඳහන් කර සිටියේ සැකකාර කාන්තාව විසින් අනාවරණය කළ කළ කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා බන්ධනාගාර නියාමකවරුන් කිහිපදෙනෙකුට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි .
මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත්, කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි .