2023 වසරේ ලොව අද්විතීය මතක ධාරිතාවක් ඇති සිසුවා ලෙස සුප්‍රසිද්ධ චෝලන් ලෝක වාර්තා පොතට(CBWR) ඇතුලත් වී මවුබිමට කීර්තිනාමයක් එක් කිරීමට ශ්‍රි ලාංකික පුංචි පුතෙක් සමත්ව සිටී.
ලංගොඩ දෙමළ මහා විද්‍යාලයේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බහු ආබාධ සහිත (ඔටිසම්) තත්වයේ පසුවෙන නවය හැවිරිදි සිසුවෙකු වූ භාග්යරාසා මුරලිදරම් මේ පුංචි පුතා ය.
ඉන්දියාවේ තමිල්නාඩු හි ස්තාපිත චෝලන් ලෝක වාර්තා පොතට මෙවැනි තත්වයේ දරුවෙක් ඇතුළත් වූ ප්‍රතම අවස්තාව මෙය බවද චෝලන් සංවිධායකයෝ පවසති.
රට රටවල මුදල් වර්ග,පාලකයින්ගේ නම්, අගනගර,භාෂා, සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන ත්‍රිත්ව භාෂාවලින් ලෝක සිතියමේ රටවල් හඳුනා ගැනීම හා එම භාෂාවලින් සන්නිවේදන හැකියාව මෙන්ම ජාත්‍යන්තර සාමාන්‍ය දැනුම ආදි ක්ෂේත්‍ර පිළිබඳව මෙම සිසුවාට ළාබාල වියේදීම ඇති අසාමාන්‍ය දැනුම හා මතකය කේවලව ඇගයීමට ලක් කරමින් චෝලන් සංවිධායකයෝ මුරලිදරම් සිසුවා මෙලෙස ලෝක වාර්තා පොතට ඇතුළත් කර ගෙන තිබේ.
ඔටිසම් දරුවන් පිලිබඳව දෙමාපියන්ගේ ආත්ම විශ්වාසය ඇති කිරීමද මෙම ඇගයීමේ අරමුණක් වී තිබේ. මෙම සිසුවා චෝලන් ලෝක වාර්තා පොතට ඇතුලත් කර ගැනීම සඳහාවූ පරීක්ෂණය බලන්ගොඩ දෙමළ මහා විද්‍යාලයේ දී පැවැත්විණි.
ජේ.ජේ. ඉඳුරුවගේ

