saravita-anim2

2025 ජුලි මස 20 වන ඉරිදා

2025 ජුලි මස 20 වන ඉරිදා

Latest News - timelapse 3682 hours ago

LATEST

ලංකා - තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමට ලබන වසරේදී අත්සන්

calendar_today 2023 මාර් 29 - 16:17 remove_red_eye - 232  

මෙම ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සිව්වන සාකච්ඡා වටය අදින් (29) අවසන් විමට නියමිතය.

ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය වන ආකාරය ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය සමගම ඉන්ධන හිඟ වේ යැයි බියෙන් ඉන්ධනහල් අසල පාරිභෝගිකයන්ගේ දිගු පෝලිම් පෙරවරුවේ දක්නට ලැබිණි

Read More

රටේ මූල්‍ය තත්ත්වය යහපත් වීමත් සමඟ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සඳහා ද පියවරෙන් පියවර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මගින් ලැබී ඇති අයැදුම්පත් ලක්ෂ 22කගේ වැඩි ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීම අවසන් කර ඇත.

Read More

ඉන්ධන මිල අඩුකිරිමට සාපේක්ෂව ත්‍රි රෝද රථ ගාස්තුද අඩු කිරීමට සම්ස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය තීරණය කර තිබේ. මේ අනුව පළමු කිලෝමීටරය වෙනුවෙන් අයකරන ගාස්තුව රුපියල් 100ක් දක්වාත් දෙවැනි කිලෝමීටරයේ සිට අයකරන ගාස්තුව රුපියල් 80ක් දක්වාත් අඩුකරනු ඇත.

Read More

අනුරාධපුර නගරයේ රාජ්‍ය ආයතන දෙකක සහ බැංකුවක දොරගුළුවල යතුරු ආරක්ෂාව සඳහා අනුරාධපුර පොලිසියේ තබා තිබියදී අතුරුදහන් වීම හේතුවෙන් එම ආයතනවල සේවකයින් සහ සේවාවන් ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් අද (29දා) පැය දෙකකට ආසන්න කාලයක් දුෂ්කරතාවට පත් වූහ.

Read More

ඉන්ධන මිල අඩුකිරිමට සාපේක්ෂව බස් ගාස්තුද අඩු කිරිමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා අඩු කිරීමට නියමිතය.

Read More

හෝමාගම පාසලක අධ්‍යාපනය ලබන නව හැවිරිදි දැරියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ පන්තිභාර ගුරුවරියක අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල අඩුකිරීමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අඩුකළ මිලටම ලංකා ඉන්දීය තෙල් සමාගමද අද මධ්‍යම රාත්‍රි යේ සිට ඉන්ධන මිල අඩු කරනු ඇත.

Read More

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වර්ජනය මෙහෙයවන මෙන්ම කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකළ වෘත්තීය සමිති නායකයන් ඇතුළු 20ට වැඩි පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයකි රුපියල් 60 කින්, ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 135 කින් , ලංකා ඔටෝට ඩීසල් ලීටරයක් රුපියල්රු 80 කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 45 කින් හා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහළ දමන බව ඔහු කීවේය.

Read More

උපයන විට ගෙවීමේ (Pay-As-You-Earn Tax) බද්ද පැන වෙන්නේ ශ්‍රම බලකායෙන් අතිශය කුඩා කොටසක් මත පමණක් බව රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය ප්‍රකාශ කර සිටී. ඔහු පාර්ලිමේන්තුවේදී මෙම කරුණ සඳහන් කළ අවස්ථාවේ සිට මේ දක්වා කාලය තුළ එම ප්‍රකාශය ඉහළ පෙළේ තීරණ ගන්නවුන් සහ මාධ්ය විසින් උපුටා දක්වන ලද අතර ඒ සඳහා පුළුල් ප්‍රචාරණයක් ලබා දී තිබේ.

Read More

ඩොලරයේ අගය පහළ ගොස් රුපියලේ අගය ඉහළයාමත් සමග නිමි තේ කිලෝවක් සදහා ලැබෙන මුදල රු 200 කින් පහළ බැස ඇති බව වතු අධිකාරිවරුන් පැවසිය.

Read More

අද පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා ගතවූ පැය තුනක කාලය තුළදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන නිකුත් කිරීමේ මධ්‍යස්ථාන තුළින් ඉන්ධන බවුසර් 208ක් නිකුත් කිරිමට කටයුතු කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

නිරුවත් ඡායාරූප අනියම් සැමියාට යැවූ බිරිඳව ඝාතනය කිරීමට සූදානම්ව සිටී පුද්ගලයකු අඩි දෙකහමාරක් පමණ දිගැති කඩුවක් සමග අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

පුත්තලම ප්‍ර දේශයේ පවතින රක්ෂණ ආයතනක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර කළ බව කියන එම ආයතනයේම සාමාන්‍ය කළමණාකරුවෙක් හා තවත් සේවකයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

අද උදෑසන 6 ට කොළොන්නාව සහ මිතුරරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදා හැරීම ආරම්භ කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ඉන්ධන සැපයුමේ හිඟය පිළිබඳව කලබල නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

කැබ් රථයකට යට කිරීමෙන් පුද්ගලයෙකු ඝාතනය කළ හා තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකළ කැ බ් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ඉන්දීය රජයේ ආධාර මත ජුලි මස වන විට සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සුර්යය බලයෙන් විදුලිය ලබා දීමට අදාලව මූලික අදියරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත්, එතෙක් විදුලි බිල්පත ගෙවා ගැනීමට නොහැකිව බරපතළ ලෙස ප්‍රශ්න පවති නම් තමා වෙත දන්වන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසීය.

Read More

නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන ආදායම් කළමණාකරණය කර ගනිමින් පුද්ගලික අංශය සමඟ එක්ව එක් දිස්ත්‍රික්කයකට එක් නගරයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මෙම වසරේදී ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මිළ ගණන් විශාල ලෙස පහත බැස තිබූ උඩරට එළවළු වර්ගවල මිළ ගණන් ක්‍රමයෙන් ඉහළයාමක් ඊයේ (28) සිට පවතින බව සමස්ථ ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

Read More

ඉන්ධන බෙදාහැරීමට බාධා පමුණුවන, අනෙකුත් සේවකයන්ගේ රාජකාරිවලට හෝ අත්‍යවශ්‍ය කටයුතුවලට බාධා කරන වෘත්තීය සමිති ක්‍රියාකාරීන් හෝ සේවකයන් සම්බන්ධයෙන් ඕනෑම විනය පියවරක් ගන්නා ලෙසට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඛනිජ තෙල් සංස්ථා සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සභාපතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු කොටස් විකිණීම නවතා දමන ලෙස ඉල්ලා අද (28දා) සවස සිට තෙල් සංස්ථා සේවකයන් සේවයෙන් ඉවත් වූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමය අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වන කථානයකවරයා ලෙස කටයුතු කළ ජෝශප් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

රට තුළ නිර්මාණය වී ඇති ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම දුර්වල සහ ඉතා අකාර්යක්ෂම සෞඛ්‍ය පරිපාලනය හේතුවක් බව සඳහන් කරමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මානව හිමිකම් කොමිසම් සභාව හමුවේ ගොනු කොට ඇති පෙත්සම විභාගය සඳහා අද (28) පෙරවරුවේ රැස්ව තිබෙන අතර එහිදී රට තුල හදිසි සෞඛ්‍ය තත්ත්වයක් පවතින බව සෞඛ්‍ය ලේකම්වරයා විසින් පිලිගෙන තිබේ.

Read More

2023.03.31 දින සිට පුරප්පාඩු වන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) තනතුරට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම මහතා පත් කිරීමට ජනාධිපතිතුමා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කර තිබේ.

Read More

හම්බන්තොට ඉදිකිරීමට යෝජිත නව තෙල් පිරිපහදුව සඳහා සමාගම් හතක් සිය අභිලාෂ ප්‍රකාශ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

එළවළු, පොල්, තේ හා කුරුඳු ඇතුළු අනෙකුත් බෝග සඳහා යොදන මිශ්‍ර පොහොර මිල ගණන් සියයට 50කින් පහළ ගොස් ඇති බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අද(28) දැනුම් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.