මුදල් ආරවුලක් සම්බන්ධව ඇතිවු බහින් බස් විමකින් පසු මිතුරුන් දෙදෙනෙකු එක්වි ඔවුන්ගේ ලගම මිතුරාව තියුණු ආයුධ වලින් 24 දින රාත්‍රියේ කපා ඝාතනය කර ඇති බව මාරවිල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නාත්තන්ඩිය ජනහිතගම පදිංචිව සිටි මාරසිංහ ආරච්චිගේ සුදාර චතුරංග නැමති 34 හැවිරිදි එක් දරු පියකු බව කියයි.
මරණයට පත් තැනැත්තාගේ උගස් කර තිබු රන් ආභරණ වලට පොලි බැදිමට මිතුරන් දෙදෙනාට ලබා දී තිබු මුදල් සම්බන්ධව ඇතිවු ආරවුලක් දුර දිග යාමේන් පසු ඇතිවු ගැටුමකින් පසු මිතුරන් දෙදෙනා එක්වි අනෙක් මිතුරාව තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදුකර ඇති බව කියයි.
බරපතල තුවාල සිදුව සිටි මරණ කරු ප්‍රදේශවාසින් එක්වි 1990 ගිලන් රථ සේවයෙන් මාරවිල මූලික රෝහලට ඇතුලත් කර තිබුනද ඒ වන විටත් මරණයට පත්ව සිටි බව කියයි.
මෙසේ ඝාතනයට ලක්වු තැනැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයකු බවද කියයි.ඒ සමගම මොහුගේ බිරිද මේ වන විට බන්ධනාගාර ගත කර ඇති බවත් ඇය හෙරෝයින් ජාවාරමේ යෙදිමේ චෝදනා මත එසේ බන්ධනාගාර ගත කර ඇති බව මාරවිල පොලිසිය කියයි.
අදාල ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔවුන් අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් කිපයක් යොදවා ඇති බවත් මාරවිල පොලිසිය කියයි.
අදාල ඝාතනය සම්බන්ධයෙන් මාරවිල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.සි. රත්නායක මහතා මහතා ඇතුළු නිළධාරීන් පරික්ෂණ ආරම්භ කර තිබේ.