රුසියානු ගුවන් අවකාශ්‍ය භාවිත කරන ගුවන් සමාගම්වලට සෙලෙන්ස්කි අනතුරු අගවයි
යුක්රේනය රුසියාවට ඒල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර උත්සන්න කර බවත් ඒ් අනුව රුසියානු ගුවන් සීමාව භාවිත කරන ගුවන් යානා ප්‍ර වේශම් විය යුතු බව යුක්රේන ජනපති සෙලෙන්ස්කි පවසයි.
"රුසියානු ගුවන් සීමාව භාවිතා කරන සෑම ගුවන් සමාගමකටම, සෑම රක්ෂණකරුවෙකුටම, තවමත් ප්‍රධාන රුසියානු ගුවන් තොටුපළ භාවිතා කරන සෑම කෙනෙකුටම අපට අනතුරු ඇඟවීමට අවශ්‍යයි: රුසියානු අහස සම්පූර්ණයෙන්ම භයානක වෙමින් පවතී,"
වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි.
යුක්රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ බටහිර වාණිජ ගුවන් සමාගම් රුසියාවට ඉහළින් පියාසර නොකරන නමුත් චීනය වැනි රටවල ගුවන් සමාගම් එසේ කරති.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ සෙලෙන්ස්කිගේ ප්‍රකාශය "රාජ්‍ය ත්‍රස්තවාදය ප්‍රකාශ කිරීමක්" බව සහ රුසියාව යුක්රේනයට එරෙහිව තමන්ගේම ප්‍රහාර තීව්ර කිරීම දිගටම කරගෙන යන බවයි.
ඉහළ යන ගුවන් අවකාශ අවදානම පැහැදිලි කරමින් සෙලෙන්ස්කි පැවැසුවේ "සැලකිය යුතු පරිමාණයකින් රුසියාවේ අහසේ ඩ්‍රෝන යානා ගමන් කරනු ඇති" යනුවෙනි. "රුසියාව විසින් ආරම්භ කරන ලද යුද්ධය එහි අහස වසා දමමින් පවතී" යනුවෙන් සෙලෙන්ස්කි පැවසීය.
රුසියානු ගුවන් තොටුපළවලට, විශේෂයෙන් ශාන්ත පීටර්ස්බර්ග් සහ මොස්කව් වැනි ප්‍රධාන නගරවලට ගුවන් ගමන් දිගටම ක්‍රියාත්මක කරන ගුවන් සමාගම් වෙත ඔහු අනතුරු ඇඟවීම යොමු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

