ශ්‍රී ලංකාවේ ණයබරතාව ඉහළ ගොස් ඇති බවට නගන චෝදනා පදනම් විරහිත බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
රටේ ණයබරතාව සංඛ්‍යාත්මකව සහ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ද පහළ ගොස් ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ එල්ල කරන චෝදනා සංඛ්‍යා ලේඛන මත පදනම්ව සිදු කළ යුතු බවයි.
2025 දෙසැම්බර් මාසය වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ණයබරතාව දැක්වුණේ 95%ක් ලෙස වන අතර එය 2032 වසරේ දී සපුරා ගැනීමට තිබූ ඉලක්කයක් බව අමාත්‍යවරයා සඳහන් කළේය. එම ප්‍රතිශතය 2026 ජූනි මාසය වන විට 88.8% දක්වා තව දුරටත් පහළ ගොස් ඇති බව අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.
ණය ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ යාම සහ ණය ගැනීමේ හැකියාව ඉහළ යාම යනු ආර්ථික විද්‍යාත්මකව කරුණු දෙකක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
