ගොකරැල්ල පොලිස් වසමේ පාළුකටුමැටියාව ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් 2026.09.02 දින උදෑසන නිවසක් අසල පුද්ගලයෙකු මියගොස් සිටින බවට ගොකරැල්ල පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 55 ක් වූ පාළුකටුමැටියාව ප්රදේශයේ පදිංචිකරුවෙකි. 01 වන දින රාත්රී මරණකරු හා ඔහුගේ බෑනා සමඟ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සැකකාර බෑනනුවන් විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අවුරුදු 34 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගොකරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.