දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය දක්වා වු කොටසේ ඉදි කිරීම් මේ වන විට අවසන් වෙමින් පවතින බවත් පේරාදෙණියේ සිට කොළඹ දක්වා වූ දුම්රිය ලබන මාසයේදි ධාවනය කළ හැකි වන බවත් ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා එම අදහස් පකාශ කළේ අද 03 වනදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පේරාදෙණියේ සිට මහනුවර දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ කළු පාලම දිට්වාවලින් පසුව මෑත ඇති වූ ජල ගැල්මක් හේතුවෙන් ඉදිකිරීම් යට වූ නිසා ඉදිකිරීම් යම් ප්‍රමාදයක් ඇති වුවත් පේරාදෙණිය කොළඹ දක්වා වූ දුම්රිය ලබන මාසයේ ආරම්භ කරන බවත් ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙහිදී කීය.
මොහොමඩ් ආශික්