2026 ජූනි 30 වන විට වාහන 316,000ක් ආනයනය කර ඇති බවත් ඒ අනුව රුපියල් මිලියන 512,547ක බදු ආදායමක් ලැබී ඇති බවත් රේගු නිලධාරීන් පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවේ ක්රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ශ්රී ලංකා රේගුවේ ආදායම් ඇතුළු කටයුතු පසුගියදා සමාලෝචනය කරන ලද අවස්ථාවේදී මෙම තොරතුරු අණවරණය විය.
ඉන් වැඩිම බදු ආදායම වන රු මිලියන 386,726 ක් ලැබී ඇත්තේ මෝටර් රථ ආනයනය මගිනි. එසේම වැඩිම රේගු ආදායම් ගෙන දුන් භාණ්ඩ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිව තිබුනේ එන්ජින් ධාරිතාව 1000cc ට අඩු පෙට්රල් මෝටර් රථ සඳහා වන අතර එම අගය රු බිලියන 137.4 කි. එය සමස්ත ආදාමෙන් සියයට 9.96 ක ප්රතිශතයකි.
