හොටන්තැන්න ඩිජිටල් කරයි
මෙරට අතිශය සංවේදී සහ අද්විතීය ජෛව විවිධත්වයකින් සමන්විත පරිසර පද්ධතියකින් හෙබි හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ආරක්ෂා කර ගනිමින් එහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ තිරසර පාරිසරික සංචාරක ව්‍යාපාරයක් ස්ථාපිත කිරීම අරමුණ කර ගනිමින් ඩිජිටල් කරණය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ දී පසුගියදා පැවැත්විණි.
හෝර්ටන්තැන්න පරිසර පද්ධතියේ සුරක්ෂිතභාවය සහ නරඹන්නන් කළමනාකරණය කිරීම උදෙසා පට්ටියපොල සිට හෝර්ටන්තැන්න දක්වා වන මාර්ගයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශයට පිවිසෙන ස්ථානයේ නව ප්‍රවේශ පත්‍ර කවුළුවක් ස්ථාපිත කිරීමට මෙහෙදී අවධානය යොමු විය.
වනජීවී සහ වන සංරක්ෂණ කලාපය තුළ සිදුවන නීති විරෝධි මිනිස් ක්‍රියාකාරකම්, කැළිකසල බැහැර කිරීම්, ශබ්ධ දුශණය හා සතුන් දඩයම් කිරීම් වැනි හානි පාලනය කිරීම උදෙසා මාස හයක නිරීක්ෂණ කාලයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමටත්, එම මාස හයක කාලය තුළ එම කලාපයේ සිදුවන පරිසර හානි සාර්ථකව පාලනය කිරීමට නොහැකි වුවහොත් ප්‍රවේශ පත්‍ර කවුළුව කඩිනමින් පහළ පිවිසුම් කලාපය වෙත රැගෙන ගොස් දැඩි මාර්ග සහ පිවිසුම් පාලනයක් ක්‍රියාවට නැංවීමට මෙහෙදී සාකච්ඡා කෙරිණි.
හෝර්ටන්තැන්න කලාපයේ පවතින දුරකතන සංඥා දුර්වලතාවලට ස්ථීර විසඳුමක් ලෙස චන්ද්‍රිකා සහ වී. පී. එන්. තාක්ෂණ ඔස්සේ ක්‍රියාත්මක වන නවීන ඩිජිටල් ප්‍රවේශ පත් පද්ධතියක් ස්ථාපිත කිරීමටත්, උද්‍යානයට ඇතුළු වන සංචාරකයන් ප්‍රමාණය දිනකට නිශ්චිත ප්‍රමාණයකට සීමා කිරීම, අන්තර් ජාලය ඔස්සේ පූර්ව වේලාවක් වෙන් කරවා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම, මිල ප්‍රතිපත්තියක් මගින් පරිසරයට සිදුවන පීඩනය අවම කර ඉහළ ආදායම් ගෙනෙන ගුණාත්මක සංචාරක ව්‍යාපාරයක් ප්‍රවර්ධන කිරීම ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහෙදී අවධානය යොමු විය.
රථ වාහන මගින් පිට කරනු ලබන අධික දුමාරය, කාබන් විමෝචනය සහ අධික ශබ්ධ දූෂණයෙන් වනජීවීන්ට හා පරිසරයට සිදුවන හානිය සම්පුර්ණයෙන් ම නවතාලීම සඳහා විද්‍යුත් වාහන සේවාවක් ආරම්භ කිරීමට මෙහෙදී යෝජනා වූ අතර, එමගින් පරිසර හිතකාමී නිහඬ කලාපයක් බවට හෝර්ටන්තැන්න පත් කිරීමට ඉදිරියේදී පියවර ගැනීම කෙරෙහි මෙහෙදී අවධානය යොමු විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

