අද (03) පෙරවරුවේ කතරගම පොලිස් වසමේ, කතරගම - බුත්තල මාර්ගයේදී වනඅලියෙකු පෞද්ගලික බස් රථයකට පහරදීම හේතුවෙන් බස් රථය පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු පමණ තුවාල ලබා ප්රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් කර තිබේ.
හලාවත සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් පෞද්ගලික බස් රථය බුත්තල - කතරගම මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටියදී මෙම පහරදීම සිදුකර තිබේ.
වනඅලි ප්රහාරය හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 40 දෙනෙකු පමණ සිට ඇත.
