උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
"වර්ධනය වන භූ-දේශපාලනික අස්ථාවරත්වය" හේතුවෙන් උතුරු ඇමරිකාවේ තිබූ ඩොලර් බිලියන ගණනක් වටිනා තම රත්තරන් ලන්ඩනය වෙත මාරු කළ බව නෙදර්ලන්ත මහ බැංකුව (DNB) තහවුරු කර තිබේ.
මාස කිහිපයක් පුරා ක්‍රියාත්මක වූ සංකීර්ණ මෙහෙයුමක් මගින් ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ කැනඩාවෙන් රත්තරන් ටොන් 86ක් ඉවත් කරගත් බව DNB ආයතනය බදාදා ප්‍රකාශ කළේය. එම වටිනා ලෝහය දැන් එංගලන්ත මහ බැංකුව (Bank of England) සතුව තැන්පත් කර ඇති අතර, "අර්බුදකාරී තත්වයක්" තුළ එය වඩාත් පහසුවෙන් වෙළඳාම් කිරීමට එමගින් හැකියාව ලැබේ.
මෙම පියවර "අපගේ ඔරොත්තු දීමේ හැකියාව සහ සූදානම ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය" වූ බව බැංකු සභාපති ඔලෆ් ස්ලෙයිප්න් පැවසීය.
ඇමරිකාව සහ කැනඩාව අතර වෙළඳ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු දෙරටම එකිනෙකාට එරෙහිව නව තීරුබදු පැනවීම් නිවේදනය කරමින් පවතින වෙළඳ ආරවුලක් මධ්‍යයේ මෙම තීරණය ගෙන තිබේ.
මාර්තු සහ අගෝස්තු අතර කාලය තුළ සිදු වූ මෙම මාරු කිරීමේ ක්‍රියාවලියේදී, නිව් යෝර්ක් සහ ඔටාවා හි තිබූ රන් ටොන් 27ක් නෙදර්ලන්තයේ සයිස්ට් (Zeist) වෙත ගෙන ගිය බව DNB සඳහන් කළේය.
ඉන්පසු, රන් තොගය නැවත දිය කිරීමේ අවශ්‍යතාවයකින් තොරව, ඊට සමාන ප්‍රමාණයක් සහ ගුණාත්මකභාවයකින් යුත් රත්තරන් තොගයක් ලන්ඩනය වෙත මාරු කෙරිණි.
ඉතිරි රත්තරන් තොගය මාරු කිරීම සිදු කරනු ලැබුවේ නිව් යෝර්ක් හිදී එම රත්තරන් විකුණා, ලන්ඩනය තුළදී නැවත මිලදී ගැනීම මගින් බව බැංකුව පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

