saravita-anim2

2025 නොවැම්බර් මස 03 වන සඳුදා

2025 නොවැම්බර් මස 03 වන සඳුදා

Latest News - timelapse 305 hours ago

LATEST

හිටපු ජනපතිගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් දුරට සතුටුදායකයි

calendar_today 2025 අගෝ 25 - 22:27 remove_red_eye - 414  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යම්තාක් දුරකට සතුටුදායක මට්ටමකට හැරී තිබුණද එම තත්ත්වය වෙනස් විය හැකි බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (25දා) උදෑසන මාධ්‍යට අදහස් දක්වමිනි.

අද (25) රාත්‍රි 12න් පසුව පුත්තලම මාර්ගයෙන් ආරම්භ වන ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් යටතේ ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කළේය.

Read More

කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා තවදුරටත් ලබන සැප්තැම්බර් මස 08 වැනිකිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය අද ( 25 වැනිදා ) නියම කරනු ලැබුවාය.

Read More

ඇල්ල නගරයේ එකතු වී ඇති කැලිකසල ගොඩ සහ කාබනික පොහොර ව්‍යාපෘතිය මගින් හමාඑන දුගඳ මෙන්ම මැසි කරදර නිසාවෙන් ඇල්ල සංචාරක පුරවරයට පැමිණෙන දෙස්විදෙස් සංචාරකයින් දැඩි අපහසුතාවට පත්ව සිටිති .

Read More

ඇඹිලිපිටිය, නාවලපිටිය, මාතලේ, මීගමුව, ත්‍රිකුණාමලය, නුවරඑළිය, හලාවත, මොණරාගල, දඹුල්ල, හොරණ, යන දිස්ත්‍රික් මහ රෝහල් දහය සඳහා ද පොළොන්නරුව, මඩකළපුව, බදුල්ල, අනුරාධපුර යන ශික්ෂණ රෝහල් සඳහා ද පොතුවිල්, කන්තලේ, අක්කරෙයිපත්තුව, දෙහිඅත්තකන්ඩිය, යන මූලික රෝහල් සඳහා ද අම්පාර මහ රෝහලට සහ සීගිරිය රෝහලට ද මෙම අති නවීන ගිලන් රථ 20 බෙදා දෙන ලදී.

Read More

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ධාවනයෙන් ඉවතකල අබලි වාහන 60ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා රු දොලොස් කෝටි අටලක්ෂ හැත්තෑහත්දහසක මුදලක් (රු. 120,877,000.00) ක මුදලක් රජයේ අදායමට බැර කර ඇත.

Read More

මොනරාගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වැඳිකුඹුර කවුඩාව ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් (25) වෙනිදා මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ජම්බු ගසකට නැගී අස්වැසුම ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතාවයක නිරත වූවාය.

Read More

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමිසමේ සාමාජිකයින් වෙත පත්වීම් ප්‍රදානය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ (25) අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිණි.

Read More

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ​ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කථානායකවරයා වෙත යොමු කරන බව අද (25දා) සඳහන් කර තිබේ.

Read More

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට අද(25දා) ඉදිරිපත් වී තිබේ.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (26දා) අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ඔහුට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය මණ්ඩලයේ තීරණය අනුව සිදු කරන බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා පැවසීය.

Read More

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සමග සිටි සියලු රණවිරුවන් මේවන විට නාමල් රාජපක්ෂ මහතා වටා අත් වැල් බැද ගනිමින් සිටින බවත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට 2029 වර්ෂයේ නිතරගයෙන් නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කරවන බවට තමා අභියෝග කරන බවත් විශ්‍රාමික රණවිරුවෙකු වූ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කොට්ඨාස සංවිධායක එච්.එම් කීර්තිරත්න බණ්ඩාර මහතා පැවැසීය.

Read More

බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සැප්තැම්බර් මස 23 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (25) නියම කළේය.

Read More

මහනුවර කටුගස්තොට මාර්ගයේ යතුරුපැදි රේස් පැද්ද තරුණයන් දෙදෙනෙකු අනතුරට ලක්ව එක් තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව කටුගස්තොට පොලිසිය කියයි.

Read More

ටයිෆූන් කජිකි සුළි කුණාටුව වියට්නාමයට පැමිණීමට පෙර එරට 586,000 කට අධික පිරිසක් ඉවත් කිරීමට නියෝග කර තිබේ.

Read More

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද(25දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වහාම නිදහස් කරන ලෙස සඳහන් කරමින් නෝර්වේහි ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය X ගිණු​මේ සටහනක් තබා තිබේ.

Read More

බොරලැස්ගමුව, මාලනි බුලත්සිංහල මාවතේදී වා ගමනින් ගමන් කළ පුද්ගලයෙකුට ත්‍රී රෝද රථයකින් පැමිණි දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍ර දේශයේදී අද අලුයම ලැගුම්හලකදී වෙඩි තැබීමක් සිදුව ඇති බවට වැල්ලම්පිටිය පොලීසිය පවසයි. මෙම වෙඩි තැබීමෙන් ජීවිත හානියක් හෝ තුවාල වීමක් සිදුව නොමැත.

Read More

කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් 150කගෙන් පමණ රුපියල් කෝටි 15කට අධික මුදලක් වංචා කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. සැකකරු කොළඹ 15 ප්‍ර දේශයේ පදිංචි 41 හැවැරිදි පුද්ගලයෙකි.

Read More

විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ විශේෂ හමුවක් හෙට(25දා) පැවත්වීමට නියමිතව තිබේ.

Read More

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහි තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 276ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (24දා) සමත් විය.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ කාරණයේදී විපක්ෂය එම ප්‍රශ්නයට නිසි ආකාරයෙන් මුහුණු නොදී විපක්ෂයේ දේශපාලන වුවමනාවක් මත ක්‍රියාකිරීමට යාම බරපතල ලෙස අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන බව ජාතික ජන බලවේගයේ නීතිඥ සංගමයේ සාමාජික ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පැවසීය.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා අත්අඩංගුවට ගැනීම බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

වැඩවර්ජනයට යාමට මූලික වුණු කරුණු 19න් 17කට මාසයක කාලයක් තුළ විසඳුම් ලබා දෙන බවට විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එකඟත්වය පළ කිරීම සහ එය ලිඛිතව ලබා දීම හේතුවෙන් තැපැල් වැඩ වර්ජනය අවසක් කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

Read More

අද (24) පස්වරු 04 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අතහැර නියමිත පරිදි සිය රාජකාරී සිදුකිරීමට වර්ජනයේ නිරතව සිටි තැපැල් වෘත්තීය සමිති එකඟතාව පළ කළ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය

Read More

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබිය යුතු ගති ලක්ෂණ ක්‍රමක් ක්‍රමයෙන් මැකී යන ආකාරයක් වර්තමානයේ දකින්ට තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read More

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහි තුන්වන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 431ක් රැස් කිරීමට සමත් විය.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි විජලනකාරී තත්ත්වයකින් සහ සංකූලතා කිහිපයකින් පෙලෙන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

Read More

චෙටේෂ්වර් පුජාරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.