ඊශ්‍රායලයේ වාණිජ හා සේවා ක්ෂේත්රය සදහා වෙබ් ද්වාරය සැප්. 03 විවෘත වේ
ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකාව අතර ඇති අවබෝධතා ගිවිසුම (Protocol G) අනූව, ඊශ්‍රායලයේ වාණිජ හා සේවා ක්ෂේත්රය සදහා ශ්‍රමිකයින් යොමු කිරීමට වෙබ් ද්වාරය විවෘත කිරීම සැප්.03 උදෑසන 8.00ට සිදු කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි. www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ඒ සදහා අයදුම්කල හැකිය.ඒ අනූව, අයදුම්කරැවන් 10,000 පිරිසකට එදින මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්කළ හැකි අතර,පිරිමි අයදුම්කරුවන් 8000කට හා කාන්තා අයදුම්කරුවන් 2000කට අයදුම් කිරීමට අවස්ථාව හිමිවේ.
ඊශ්‍රායල් ජනගහණ හා සංක්‍රමණ අධිකාරිය හෙවත් පිබා(PIBA) ආයතනයේ දැනුම් දීමට අනූව මෙම වෙබ් ද්වාරය විවෘත කරන අතර නියමිත අයදුම්කරුවන් 10000 සම්පූර්ණවූ විට ස්වයංක්‍රීයව වෙබ් ද්වාරය වැසී යන බවද කාර්යංශය සදහන කරයි.
වයස අවුරුදු 25ත් 45ත් අතර කාන්තා හා පිරිමි, ඉංග්‍රීසි භාෂාව කතාකිරීමේ හැකියාව ඇති වලංගු විදේශ ගමන් බලපත්‍රයක් හිමි අයවලුන්ට මෙහිදී අයදුම්කිරීමට අවස්තාව හිමිවේ.
උද්‍යාන අලංකරණය,ප්‍රතිචක්‍රීකරණ එකතු කිරීමේ සේවාවන්, භාණ්ඩ ඇසුරුම් කිරීම,ආහාර නිෂ්පාදන ආශ්රිත ක්‍රියාකාරකම් භාණ්ඩ හසුරවන්නන් ඇතුළු තවත් කාර්යයන් සදහා මෙම රැකියා අවස්තා විවෘත කෙරේ.මෙම කාර්යයන්ට අදාළව සේවා පළපුරුද්ද තිබීමද අවශ්‍යවන අතර, ඊශ්‍රායලයේ රැකියා සදහා කුමන හෝ ක්ෂේත්‍ර (Sector) දෙකක් යටතේ මීට පෙර අයදුම්කර ඇති පුද්ගලයන් නැවත අයදුම්කිරීමට මෙහිදී සුදුසුකම් නොලබන බවද කාර්යංශය සදහන් කරයි.
මේ සම්බන්ධව වැඩිවිස්තර කාර්යංශයේ www.slbfe.lk වෙබ් අඩවියෙන් හා නිල Facebook ගිණුම මගින් ලබාගත හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

