කොළඹ ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්
අඹතලේ ජල පවිත්‍රාගාරයේ කරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ රැසක ජල සැපයුම පැය 24ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව, අද (03) රාත්‍රී 8.00 සිට හෙට (04) රාත්‍රී 8.00 දක්වා මෙම ජල සැපයුම අත්හිටුවයි. මෙම කාලය තුළ නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන, ඉඳිබැද්ද, කටුබැද්ද, කල්දෙමුල්ල, මෝදර, කොරළවැල්ල, එගොඩඋයන සහ කටුකුරුන්ද, සෙත්සිරිපාය, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශයේ හිඹුටාන, උඩුමුල්ල පාර, මාලිගාගොඩැල්ල, බැංකු හන්දිය හා අවට ප්‍රදේශ, ශාන්ති මාවත, රෝහල් වටරවුම් පාර සහ ජයන්ති මාවත, කොළඹ 06 ප්‍රදේශයේ ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත, හැව්ලොක් පාර සහ කල්‍යාණි මාවත යන ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටවනු ලබයි.
අපහසුතා මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය ජලය කල්තියා රැස් කරගන්නා ලෙසත්, එම රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත් මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

