හිටපු ආණ්ඩුකාර සහ කොළඹ නගරාධිපති ලෙස කටයුතු මොහොමඩ් මුසාමිල්ගේ පුත්‍රයා වන මොහොමඩ් නිෂාම් ජමල්ඩීන් නැමති අය 09/02 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
47 හැවිරිදි වියේ පසුවන මොහු 09/02 දින දහවල් 01.45 ට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන ගුවන් යානයට , ලන්ඩන් නුවර බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
කොළඹ මූල්‍ය සහ වංචා අපරාධ විමර්ශන අංශය විසින් සිදු කෙරෙන විමර්ශනයකට අදාලව පනවා තිබූ ගුවන් ගමන් තහනමක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ .
පසුව 09/02 දින සවස 03.20 ට ඔහු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාර දී ඇති අතර , සවස 04.30 ට පමණ ඔහු පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ , මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් තිබේ .