saravita-anim2

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 12430 hours ago

LATEST

නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදලට ප්‍රදානය ජනපති අතින්

calendar_today 2018 ජුලි 26 - 17:20 remove_red_eye - 339  

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජාතික නාමල් උයනේ සංවර්ධන හා ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව සහ ජේ.ආර්. ජයවර්ධන අනුස්මරණ භාවනා මධ්‍යස්ථානය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26දා) සිදු කෙරිණි.

දේශපාලන පළිගැනීම් කමිටු නිර්දේශ මත අධ්‍යාපන සේවාවන්ට ලබාදීමට ගිය පත්වීම් 1014 වහා අත්හිටුවන ලෙස ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාත්මක කිරීමට ගිය වැඩවර්ජනය නැවැත්වීමට පියවර ගත බවත් එහෙත් එය නිසි අයුරින් සන්නිවේදනය නොවීම හේතුවෙන් අද (26දා) පාසල් කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති අතර එහි වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් භාරගත යුතු බවත් ලංකා ගුරු සංගමය නිවෙිදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුමට අනුව ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ක්‍රිකට් ඉවත් කළ නොහැකි බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

Read More

දුම්රිය අධීක්ෂණ සේවා නිලධාරීන් විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනය අද (26දා) සවස 4.00ට අවසන් කරන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඒකාබද්ධයේ සිටින කණ්ඩායම එක් එක් සිදුවීම් පිළිබඳ විවිධ කතා පැවසුවද, සියලුම දෙනාගේ පොදු අරමුණ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම සඳහන් කරයි.

Read More

විදෙස් ගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත වැඩම කර ඇති උඩුවේ ධම්මාලෝක හිමියන්ට අද (26දා) ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් ඒ සඳහා අවසර ලබා නොදීම හේතුවෙන් යළි විහාරස්ථානයට වැඩම කරීමට සිදුව තිබේ.

Read More

විහාරස්ථානවලින් මහා පරිමාණයෙන් මුදල් වංචා කළ 55 හැවිරිදි කාන්තාවක, 19 හැවිරිදි ඇයගේ දියණිය හා ඔවුන් පැමිණ කුලී රථයේ රියදුරු අද (26දා) අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය පවසයි.

Read More

අත්‍යවශ්‍ය විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (27දා) උදේ 9.00 සිට 3.00 දක්වා කාලය තුළ කොළඹ 3, 4, 5, 7 සහ 8 යන ප්‍රදේශවලට විදුලිය විසන්දි කරන බව විදුලිබල අමාත්‍යංශය සඳහන් කරයි.

Read More

කටුනායක ගුවන්තොටුපොළ සඳහා ඊ - පාස්පෝර්ට් ක්‍රමයක් හඳුන්වාදීම සඳහා මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සිදුකරන ලද විගණන පරීක්ෂණයකදී ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය දකුණු ආසියාවේ සියලු රටවල් අබිබවා පළමු ස්ථානය දිනා ගෙන ඇති බවත් ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරග පහකින් සමන්විත එක්දින තරගාවලියට පෙර සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහභාගි වන පුහුණු එක්දින තරගයක් අද (26දා) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

ජනතාවගේ දිළිඳුකම පිටුදැකීමේ ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මගින් ගම්මානවල නිෂ්පාදිත ද්‍රව්‍ය අලෙවිය සඳහා කෑගල්ලේ රුපියල් මිලියන හැටපහක වියදමින් නොනිදන වෙළඳ උද්‍යානයක් ඉදිකිරීමට සැලසුම් දියත් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read More

වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයෙහි සිරකරුවන් ජංගම දුරකථන භාවිතකරන්නේ නම්, වහාම එම ජංගම දුරකථන සහ සිම්කාඩ්පත් බන්ධනාගාර නිලධාරීන්ට බාරදෙන ලෙස දන්වමින් බන්ධනාගාරය තුළ දැන්වීම් ප්‍රදර්ශනය කර ඇතැයි අද පුවත්පතට වාර්තා වේ.

Read More

දුම්රිය මාර්ග සඳහා අවශ්‍ය රේල් පීලි 5000ක් ප්‍රසම්පාදනය කිරීම ඇමරිකානු ඩොලර් මිලියන 2.13ක මුදලකට M/s. Angang Group International Panzhimua Co. ltd වෙත ප්‍රදානය කිරීම සඳහා වන යෝජනාවකට ඊයේ (24දා) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එවැනි නිලධාරීන් පිළිබඳව පොලීසිය හා විශේෂ කාර්ය බළකාය යොදවා පරීක්‍ෂණ සිදුකෙරෙනු ඇති බවයි.

Read More

සුළු වාරි මාර්ගයන්ගෙන් විශාල කුඹුරු ප්‍රමාණයක් වගා කෙරෙන අතර, ඒවායෙහි ඵලදායීතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඇමරිකානු ඩොලර් මිලියන 140ක මුළු ආයෝජනයක් සහිත ව්‍යාපෘතියක්, 2018-2024 කාල පරිච්ඡේදය තුළ ලෝක බැංකු අරමුදල්හි සහායද සහිතව ක්‍රියාත්මක කිරීමට වන යෝජනාවකට ඊයේ (24දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

වත්මන් ආණ්ඩුව විසින් සකස් කර ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කිරිම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් කමිටු දෙකක් පත්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(25)පැවසීය.

Read More

කොළඹ වේල් පෙරහරේ පැමිණි වේල් කරත්තය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (25දා) අරලියගහ මන්දිරය අසලදී පිළිගෙන පුද පූජා පවත්වා ආශිර්වාද ලබාගත්තේය.

Read More

මාතර දිස්ත්‍රික්කයේ වර්ෂා සමයේදී ගංවතුර ආපදා තත්ත්වයන්හිදී ඇතිවන බලපෑම් අවම කර ගැනීම සඳහා නිල්වලා ගං ඉවුර පිළිසකර කිරීම සහ ගං ඉවුර සංරක්ෂණය කිරීම සඳහා රුපියල් මිලියන 62ක ආයෝජනයක් සඳහා වන යෝජනාවකට ඊයේ (24දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ගෙන ඇති රටවල් අතරින් පළමු වැනි ස්ථානය ලංකාවට හිමිකර දීමට තම ධුර කාලය තුළදී බලාපොරොත්තු වන බව ජනාධිපතී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තනතුර 16 දෙනාගේ කණ්ඩායමේ කෙනෙකුට හිමිවන බවට විවිධ ප්‍රකාශ සිදුකළත් තාවකාලිකව පත්කල මහලේකම්වරයා තම රාජකාරී කටයුතු නිසිලෙස සිදු කරමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

Read More

විශේෂ මහාධිකරණය ස්ථාපිත කිරීම සඳහා වෙන් කරන ලද ගොඩනැගිල්ලේ වහළයේ පලුදු ඇති බැවින් එය ප්‍රතිසංස්කරණය කරන තෙක් අදාළ අධිකරණ කටයුතු තාවකාලික ස්ථානයකදී ඉදිරි දිනෙක ආරම්භ කෙරෙනු ඇති බවට සම කැබිනට් ප්‍රකාශ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීමේදී ඉන් බලපෑමට ලක්වන දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි ප්‍රතිස්ථාපනය කිරීම පිණිස සිව්මහල් හා සත්මහල් ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමට සහ ශ්‍රී දළඳා මාලිගාව වෙත පැමිණෙන වන්දනාකරුවන් සඳහා රථගාලක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1,460ක අරමුදල් සපයා ගැනීමට වන යෝජනාවකට ඊයේ (24දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

කොළඹ පැවැති පිණ්ඩපාත චාරිකාවේදී එකතු වූ ආධාර සියල්ලම පිටිසර පන්සල් වෙත යොමු කිරීමට නියමිතය.

Read More

ජනතාව මගෙන් අහනවා අර පැත්තට ගියාද, මේ පැත්තට ගියාද, යනවද කියලා. මම කොහේ යන්නද? මම මෙතැනම ඉන්නවා. යන අය යනවා

Read More

මෙරට පුවත්පත් ඉතිහාසයේ පළමුවරට ඩිජිටල් තාක්‍ෂණයෙන් (Whats app, Viber, imo, facebook, gmail) සිදුකරනු ලැබූ මෙම තරගයේ පළමු ස්ථානය දොම්පේහි එච්.ඒ. නිමේෂ්ට හිමිවිය. දෙවැනි ස්ථානය කෑගල්ලේ එම්.ජී.ආර්. බණ්ඩාරට හා තෙවැනි ස්ථානය මහනුවර ඩබ්.එම්.එන්.වයි.බී. උනත්තැන්නට හිමිවිය.

Read More

කොළඹ ලෝටස් වටරමුවේදී විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

පොඩ්ඩක් එළියට වෙලා ඉන්න කිව්වට අපි ඇවිත් මේ උඹලට කතා කරන්නේ? ගැහුවෙත් නෑ, මැරුවෙත් නෑ පොඩ්ඩක් එළියට යන්න කිව්වා. ගණන් ගන්න එපා.

Read More

අධ්‍යාපන සේවාවට දේශපාලන හිතවත්කම් මත බඳවාගැනීමට සකස් කළ නාමලේඛනය තාවකාලිකව නවතා දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වූ බව අධ්‍යාපන පරිපාලන සේවා සංගමය සඳහන් කරයි.

Read More

මුලින්ම වෙද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු වසර 18ක් පමණ ජීවත්වනු ඇති බවයි. කෙසේ වෙතත් ඉර්ෆාන් අවුරුදු 37ක් සිය ජීවිතය ගත කළේය.

Read More

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතා ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වන්නේ නම් හැකි උපරිම සහයෝගය ඒ මහතා වෙත ලබාදෙන්නේ යැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.