උඩුවේ ධම්මාලෝක හිමිගේ ගුවන් ගමනක් නවතියි
විදෙස් ගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත වැඩම කර ඇති උඩුවේ ධම්මාලෝක හිමියන්ට අද (26දා) ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් ඒ සඳහා අවසර ලබා නොදීම හේතුවෙන් යළි විහාරස්ථානයට වැඩම කරීමට සිදුව තිබේ.
කටුනායක ගුවන් තොටුපොළින් අද උදෑසන, මස්කට් බලා පියාසර කිරීමට සූදානමින් තිබූ ඕමාන් ගුවන් සේවයට අයත් ඩබ්ලිව් .වයි.- 376 දරන ගුවන් යානයක උඩුවේ ධම්මාලෝක හිමියන් අසුන් ගෙන සිටියදී, එම යානයෙන් බස්සවා ආපසු පිටත් කර යැවීමට අදාළ නිලධාරීන් ක්රියා කර තිබේ.
උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව ගුවන් ගමන් තහනමක් පවතින බවත් , එය එළෙඹෙන අගෝස්තු මස 26 සිට ඔක්තෝබර් මස 12 දක්වා කාලය තුළ තාවකාලිකව ඉවත් කර තිබුණද , එයට පෙර මෙසේ ගුවන් ගතවීමට පැමිණීම හේතුවෙන් මෙලෙස එය නැවැත්වීමට කටයුතු කළ බව කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් පැවසීය.
ටී.කේ.ජී කපිල

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
