මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීමේදී ඉන් බලපෑමට ලක්වන දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි ප්‍රතිස්ථාපනය කිරීම පිණිස සිව්මහල් හා සත්මහල් ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමට සහ ශ්‍රී දළඳා මාලිගාව වෙත පැමිණෙන වන්දනාකරුවන් සඳහා රථගාලක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1,460ක අරමුදල් සපයා ගැනීමට වන යෝජනාවකට ඊයේ (24දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මහනුවර නගරයේ පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම පිණිස මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර එහිදී බලපෑමට ලක් වන ගොඩනැගිලි ප්‍රතිස්ථාපනයට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
