ගිවිසුමට අනුව ගාල්ලේ ක්‍රිකට් ඉවත් කරන්න බෑ - තිලංග
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුමට අනුව ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ක්‍රිකට් ඉවත් කළ නොහැකි බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
ගිවිසුමට අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තුළ වෙනත් ක්‍රීඩා සිදුකළ නොහැකි බවත්, සිදුකළ යුත්තේ අනවසර ඉදිකිරීමක් තිබෙනවා නම් ඒ පිළිබඳව සාකච්ඡා කර විසඳුමක් සොයා ගැනීම බවත් හෙතෙම මෙහිදී පවසා සිටියේය.ගාල්ලට ජාත්‍යන්තර ප්‍රසිද්ධිය හිමිව තිබෙන්නේ ක්‍රිකට් නිසා බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

popular news
-
Champa Thursday, 26 July 2018 09:14 PM
වහල් ආණ්ඩුව එකපාරට පිස්සුවෙන් වගේ ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, අලුත් එකක් කොග්ගලට, තව එකක් මාතරට මේ වගේ කියවන්න ගත්තේ මත්තල ඉන්දියාවට විකුණන කොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගනෙත් ඉන්දියාවට දෙන හින්දා. මත්තල ගුවන් තොටුපොළට අයිති හෙක්ටයාර් 6800ට (අක්කර 69,160ක්-හෙක්ටයාර් 1=අක්කර 2.47) අමතරව තව අක්කර 99,000ක් ඉන්දියාවට දෙන්න යනවා. ආපහු ව්‍යවස්ථාව, අනුරගේ 20, සාසන සංහාර පනත, එල්ලුම්ගහ මේ කතා අව්අස්සේ ගේන්නේ මත්තල විකුනන එකට තියෙන අවධානය අනිත් පැත්තට හරවන්න. මත්තල එක්කම කතරගමයි හම්බන්තොටයි දෙකත් නැතිවෙනවා. ආයේ කිසි දවසක ආපහු ගන්න බැහැ. මාගම්පුර විකුනන එක නවත්තන්න බැරිවුනේ මුළු රටම එකහඬින් ඊට එරෙහිව ආවේ නැති නිසා. දැන් මුහුද දුන්න වගේ නෙමෙයි, ගුවන් තොටුපොලයි ගොඩබිමයි අහසයි ඔක්කොම ඉන්දියාවට දෙනවා.KKS වරාය, පලාලි, උතුරේ මුහුදත් ඉන්දියාවට දෙනවා. කටුනයකත් විකුනනවා.. මෙච්චර කැහැගහන්නේ සිංහලය නිකම් වගේ වගක් නැතුව ඉන්න හින්ද. මත්තල වගේම විදේශිකයන්ට විකුනන ඉතුරු ටිකහරි බේරාගන්න රට වෙනුවෙන් එකා වගේ පාරට බැහැල විරෝධය දක්වන්න පක්ෂ භේදයක් නැතුව අගෝස්තු 2 කොළොඹට එන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
