තමා පක්ෂය හැර නොයන බවත් ආණ්ඩුවෙන් එළියට බැස්සේ අගමැතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව බවත් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය. නිකවැරටියේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
"ජනතාව මගෙන් අහනවා අර පැත්තට ගියාද, මේ පැත්තට ගියාද, යනවද කියලා. මම කොහේ යන්නද? මම මෙතැනම ඉන්නවා. යන අය යනවා. මම ඇමතිකම් දාලා එළියට බැස්සේ අගමැතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව ඡන්දය දීලා මිස අපේ පක්ෂය ගැන කලකිරිලා නෙමෙයි.
අපි 16 දෙනාම එහෙමයි. අපි මෛත්‍රීපාල ජනාධිපතිවරයාට පොරොන්දු වෙලා තියෙනවා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරනවා කියලා. ඒකයි ඇත්ත. අපි ඒ දේ කරනවා. දෙකට බැස්සත් මේ දයාසිරි පක්ෂය දාලා යන්නේ නෑ. ජනතාව තනි කරලා යන්නේ නෑ.
ජනතාව අතරමං කරලා යන්නේ නෑ. ඒ සහතිකය මට දෙන්න පුළුවන්. අපි සියලු දෙනා එකතු වී මේ ගෞරවනීය පක්ෂය ගොඩ නගමු. ඔබේත්, මගෙත් උදාරතර යුතුකම ඒකයි."
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා
