දුරකථන බාරදෙන්නැයි වැලිකඩ සිරකරුවන්ට නිවේදන
වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයෙහි සිරකරුවන් ජංගම දුරකථන භාවිතකරන්නේ නම්, වහාම එම ජංගම දුරකථන සහ සිම්කාඩ්පත් බන්ධනාගාර නිලධාරීන්ට බාරදෙන ලෙස දන්වමින් බන්ධනාගාරය තුළ දැන්වීම් ප්‍රදර්ශනය කර ඇතැයි අද පුවත්පතට වාර්තා වේ.
මෙමදැන්වීම් වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් සහ රැඳවියන් ගැවසෙන ස්ථාන තුළ ප්‍රදර්ශනය කර ඇති බවද බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේය.
බන්ධනාගාරනිලධාරීන් සිරමැදිරි සෝදිසිකිරීමට පෙර සිරකරුවන් සහ රැඳවියන් සතු ජංගම දුරකථන හා සිම්පත් බාරදෙන පුද්ගලයන්ට සමාව ලබාදෙන බවත්, එලෙස බාර නොදී ජංගම දුරකථන ළඟ තබාගන්නා පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන බවත් මෙම දැන්වීම් තුළ සඳහන් කර ඇති බවද වාර්තාවේ.
බන්ධනාගාරගත වන සිරකරුවන්ට ජංගම දුරකථන භාවිතය තහනම් වේ. එවැනි තත්ත්වයක් තුළ බන්ධනාගාර සිරමැදිරි සහ සිරකරුවන් සෝදිසිකර ජංගම දුරකථනළඟ තබාගෙන ඇති පුද්ගලයන් පිළිබඳ පියවර ගතයුතුවේ.
එසේ නොවී ජංගම දුරකථන සහ සිම් කාඩ්පත් ලබාදෙන ලෙස දැන්වීම් ඇලවීම විවාදය ලක්වන කරුණක් බවට පත්ව තිබේ.
බන්ධනාගාර තුළ ජංගම දුරකථන භාවිත කරන සිරකරුවන් සහ රැඳවියන් පිළිබඳ සොයාබලා පියවර ගන්නා බවට මීට පෙර අධිකරණ අමාත්‍යාංශය සඳහන් කර තිබූ අතර, බන්ධනාගාර තුළ දුරකථන භාවිතය වැළැක්වීම අවශ්යඋපකරණ සවිකරන ලෙසද යෝජනා ඉදිරිපත්ව තිබිණි.
popular news
-
Champa Thursday, 26 July 2018 09:18 AM
දැන්වීම අලවල? මොන කෝලමක්ද? මේක ආණ්ඩුවක්ද පාන්ඩුවක්ද? මේ දැන්වීමෙන්ම කියන්නේ මේ ආණ්ඩුව නන්නත්තාර වෙලා කියන එක. එහෙම සමාවක් දෙන්න නීතියේ ඉඩක් නැහැ. කිසි දැනුම්දීමක් නැතුව එක පාරට සෝදිසි කරන්නැතුව මේ කරන්නේ සිරකාරයන්ට දුරකථන සිම් කාර්ඩ් හංගගන්න එහෙම නැත්නම් අස්ථාන ගත කරගන්න කල් දෙන එක. පුදුම වැඩේ කියන්නේ හිරකාරයන්ට තියෙන වරප්‍රසාද ගොඩ දැක්කහම හිතෙන්නේ හිර ගෙදර කියන්නේ දඬුවමක් ගත කරන තැනක් නෙමෙයි තාවකාලික නිවාඩු නිකේතනයක් කියලා. කතාකරන්නේ එල්ලුම් ගස් ගේනන. හැබැයි හිරකරයන්ගේ දුරකතන ටික අල්ලගන්න බයයි. බය ඇති ඉතින්. එළියේ මිනීමරන හැටියට. මෙච්චර එල්ලුම් ගස් කතාව ගිහිල්ලත් අන්න ඊයේද කොහෙද කාන්තාවක් කුඩු අරගෙන උසාවියේ ඉඳල අල්ල ගෙන.
Reply : 0 0
hari Thursday, 26 July 2018 12:00 PM
බර දෙන්න කියන්න ඕනේ නැහැ මුළු වැලිකඩ බන්ධනාගාරයේ පරික්ෂ කරන දැනුම් දීමෙන් තෝර
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
