කොළඹ වේල් පෙරහරට අගමැති එක්වෙයි
කොළඹ වේල් පෙරහරේ පැමිණි වේල් කරත්තය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (25දා) අරලියගහ මන්දිරය අසලදී පිළිගෙන පුද පූජා පවත්වා ආශිර්වාද ලබාගත්තේය.
කොළඹ, ශ්‍රී කදිර්වේලායුධ සාමි කෝවිලෙන් ගමන් ආරම්භ කළ මෙම පෙරහර බම්බලපිටිය මානික්‍ය විනයාගර් කෝවිල වෙත ගමන් කළේය.
මෙම අවස්ථාවට නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන් සහ අග්‍රාමාත්‍ය කාර්යාල නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.









ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
-
Hari Thursday, 26 July 2018 11:52 AM
ඇයි අගමැති විතරක් බොඩි ගාර්ඩ් ජොහන
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
