දරුවන්ගේ පැමිණීමේ අඩු වීමට අමාත්‍යාංශය වගකිවයුතුයි
දේශපාලන පළිගැනීම් කමිටු නිර්දේශ මත අධ්‍යාපන සේවාවන්ට ලබාදීමට ගිය පත්වීම් 1014 වහා අත්හිටුවන ලෙස ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාත්මක කිරීමට ගිය වැඩවර්ජනය නැවැත්වීමට පියවර ගත බවත් එහෙත් එය නිසි අයුරින් සන්නිවේදනය නොවීම හේතුවෙන් අද (26දා) පාසල් කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති අතර එහි වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් භාරගත යුතු බවත් ලංකා ගුරු සංගමය නිවෙිදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වැඩවර්ජනය ඉතාමත් සාර්ථකව සිදුවන මට්ටමක තිබියදී, ඊයේ (25) දවහල් පාසල් නිමා වීමට ආසන්නයේ ජනාධිපතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන් කැඳවා කරන ලද සාකච්ඡාවේදී මෙම පත්වීම් අත්හිටුවීමට තීරණය කරන තෙක් පත්වීම් ලබාදීමට කටයුතු සිදුවෙමින් තිබුණ බවත් ඊයේ පාසල් නිමා වන අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් පත්වීම් ලබාදීම නතර කිරීම තුළ වැඩවර්ජනය නැවතීමට තීරණය කළ බවත් එම නිවේදනයේ දැක්වෙයි.
එහිදී නිසි පරිදි ගුරු-විදුහල්පතිවරු සහ දෙමවුපියන් වෙත එම පණිවිඩය සන්නිවේදනය නොවීමෙන් අද (26) දින පාසල්වලට දරුවන්ගේ සහ ගුරු-විදුහල්පතිවරුන්ගේ පැමිණීම අඩුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වගකිව යුතු බව එහි සඳහන් වෙයි.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයට මෙම පත්වීම් ලබාදීම නතර කිරීමට දිගින් දිගටම ඉල්ලීම් කළද එම පත්වීම් ලබාදීම මාධ්‍ය ඔස්සේ සාධාරණීකරණය කිරීම හැර අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කිසිදු සාධනීය පියවරක් නොගත් බවත් පත්වීම් ලිපි වහා නිකුත් කරන ලෙස අධ්‍යාපන ලේකම්රවයා රාජ්‍ය සේවා කොමිසමෙන්ද ඉල්ලීමක් කර ඇති බවත් එම නිවේදනයෙන් ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටියි.

popular news
-
Champa Thursday, 26 July 2018 09:18 PM
ආණ්ඩුව ගැන කරදර වෙන්න ජනාධිපතියි, අගමැතියි කප්පරක් ඇමැතිවරුයි මන්ත්‍රීවරුයි ඉන්නවා. ගුරුවරුන් වෙනුවෙන් කතා කරන්න වෘත්තීය සමිති තියෙනව. ජනාධිපතියි ආණ්ඩුවයි ඇමැතියි වෘත්තීය සමිතියි අතරේ කඹ ඇදිල්ලෙන් තැලෙන දරුවෝ වෙනුවෙන් කිසි කෙනෙක් නැහැ. මට නම් මේ ක්‍රමය සම්පූර්නයෙන්ම තිත්ත වෙලා තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
