ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තනතුර 16 දෙනාගේ කණ්ඩායමේ කෙනෙකුට හිමිවන බවට විවිධ ප්‍රකාශ සිදුකළත් තාවකාලිකව පත්කළ මහලේකම්වරයා තම රාජකාරී කටයුතු නිසිලෙස සිදු කරමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
පක්ෂ මහලේකම් තනතුර ගැන විවිධ ප්‍රකාශ සිදුකළත් මහලේකම් තනතුරට පත් කිරීමේ අවසාන තීන්දුව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලබන බවද පවසා සිටියේය.
විවිධ අයට නොයෙක් නොයෙක් බලාපොරොත්තු තිබිය හැකි බවද සඳහන් කළේය.
