අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරදන්න ඒකාබද්ධයෙන් කමිටු 2ක්
වත්මන් ආණ්ඩුව විසින් සකස් කර ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කිරිම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් කමිටු දෙකක් පත්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(25)පැවසීය.
ඒ අනුව නීතීමය වශයෙන් කරුණු අධ්‍යයන කිරිම සඳහා ජී.එල්.පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු නීතිඥ කමිටුවක් සහ ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය අහිමි කිරීම සඳහා ඒකාබද්ධ විපකෂයේ පක්ෂ නායකයින් ඇතුලත් වන පරිදි දේශපාලන කමිටුවක් පත්කළ බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(24) සවස පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයනට එළඹුනු බවද හෙතෙම කීය.
බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම්.ඒ.සුමන්තිරන් හා ජයම්පති වික්‍රමරත්න යන මන්ත්‍රිවරුන්ගේ අදහස් ඇතුලත් කරමින් දැනට සකස් කර තිබෙන ව්‍යවස්ථා කෙටුම්පතට ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සිටින විද්වතුන් 10 දෙනාගෙන් පස්දෙනෙකු පමණක් අත්සන් කර තිබෙන බවත්,එම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය අහිමි කිරීම සඳහා සියලු පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත්ය.

popular news
-
Champa Wednesday, 25 July 2018 11:55 PM
Delegation is really good. It improves efficiency and helps better communication and progress of the work. Even the general public will be motivated when they see that JO has set up their goals.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
