ඒකාබද්ධයේ සිටින කණ්ඩායම එක් එක් සිදුවීම් පිළිබඳ විවිධ කතා පැවසුවද, සියලුම දෙනාගේ පොදු අරමුණ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම සඳහන් කරයි.
ඒකාබද්ධයේ සිටින පිරිස් විවිධ අවස්ථාවල පරස්පර අදහස් දක්වන බවත්, පිටත සිටින ඇතැම් පිරිස් ඒවා ගැටුම් ලෙස දකිමින් සිටින බවත් එම කණ්ඩායමේ සාමාජික ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
මත ප්‍රකාශ කිරීම පෞද්ගලිකව සිදු වන දෙයක් බවත්, එහෙත් එක්සත් ජාතික පක්ෂය ගෙදර යැවීම කාරණයේදී සියලු දෙනාම එකට සිටින බවත් අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
