මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජාතික නාමල් උයනේ සංවර්ධන හා ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව සහ ජේ.ආර්. ජයවර්ධන අනුස්මරණ භාවනා මධ්‍යස්ථානය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26දා) සිදු කෙරිණි.
නාමල් උයන නැරඹීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් නිකුත් කරන ප්‍රවේශ පත්‍රයේ පළමු ප්‍රවේශ පත්‍රයද මෙහිදී එහි අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිෂාන්ත ගුණවර්ධන මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක්ද, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි, පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.






ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය