saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 213 hours ago

LATEST

තලංගම වෙඩි තැබිමකින් නීතිඥවරයෙක් හා ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට

calendar_today 2026 පෙබ 13 - 19:27 remove_red_eye - 704  

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී සිදුකළ වෙඩි තැබීමකින් නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ.

මරණීය දණ්ඩනය නියමවු දේශිය හා විදේශිය සිරකරුවන් 817 දෙනෙකු මේ වනවිට බන්ධනාගාරගතව සිටින බැව් අධිකරණ හා ජාතික එකාබද්ධ අමාත්‍යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති ප්‍රගති වාර්තාවේ සදහන් වේ.

Read More

අනාරක්ෂිත සහ වින්දිත ළමුන්ගේ ඡායාරූප සහ වීඩියෝපට ඔවුන්ගේ පුද්ගලිකත්වයට සහ ගරුත්වයට හානිවන අයුරින් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය වල ප්‍රචාරය කිරීම ළමුන්ගේ උපරිම යහපතට බාධාවක් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරීක්ෂණය කරයි.

Read More

පාර්ලිමෙන්තු මන්ත්‍රිවරු 82 නෙකු විසින් ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වු මාස 09ක කාලය තුලදි සමූහ රක්ෂණය ලබාගෙන ඇති බැව් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

2029 වර්ෂය වන විට රටේ සෑම පුද්ගලයෙකුටම අධිවේගී අන්තර්ජාල (High-Speed Broadband) සබඳතාවක් ලබාදීමට සඳහා සැලසුම් කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද කොළඹදී සමත්විය.

Read More

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුම‍ාර ජයකොඩි මහතාගේ ජායාරූපයක්ද භාවිත කරමින් ව්‍යාජව සකසන ලද වට්ස්ඇප් (WhatsApp) අංකයක් හරහා දිත්වා සුළි කුණ‍ාටුවෙන් හානි වූ පාසල් සඳහා යැයි පවසමින් ආධාර හා මුදල් එකතුකිරීමේ කූඨ උත්සාහයක් පිළිබඳව දැනගන්නට ලැබී ඇතැයි බලශක්ති අමාත්‍යාංශය කියයි.

Read More

දූත මණ්ඩල ප්‍රධානීන් සිව් දෙනෙකුගේ නාමයෝජනාවලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

Read More

නවදිල්ලි. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති භාරතීය විද්‍යාපීඨය සහ සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ඉන්දියානු පරිච්ඡේදය විසින් සංවිධානය කරන ලද දකුණු ආසියාවේ සාමය ගොඩනැගීමේ සහ සහයෝගීතාවයේ මාධ්‍යවේදයේ කාර්යභාරය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී නේපාලය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පකිස්ථානය, භූතානය සහ අනෙකුත් රටවල මාධ්‍යවේදීන් අතර පුළුල් සාකච්ඡාවක් පවත්වා ඇත.

Read More

වසර 10ක් තිස්සේ රියදුරු බලපත්‍ර චිප් (Chip) එකක් සහිතව නිකුත් කළද රියදුරන් කරන වැරදි සම්බන්ධයෙන් ලකුණු කැපීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කිසිදු තාක්ෂණික මෘදුකාංග පද්ධතියක් සකස් කර නොතිබූ බව හෙළිවෙයි.

Read More

කොළඹ නගරයේ දැනට පවතින දැඩි රථ වාහන තදබදයට පිළියමක් ලෙස Lanka Metro Transit බස් රථ සේවාව හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම ව්‍යාපෘතිය යටතේ අවශ්‍ය යටිතල පහසුකම් මේ වන විට සම්පාදනය කරමින් තිබෙන අතර, මේ වසරේ අගෝස්තු මාසය වන විට මෙරටට බස් රථ පැමිණීමට නියමිත බවත් මෙහිදී සඳහන් කෙරිණි.

Read More

: මාලිමාවේ නව පාලක මණ්ඩලය පිරිත් සජ්ඣායනා මැද වැඩ අරඹයි

Read More

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහාය ලබා දෙන බවත්, වසර ගණනාවක් තිස්සේ ගොඩනඟා ගත් ශක්තිමත් හවුල්කාරිත්වය මත පදනම්ව ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නව දේශීය අධ්‍යක්ෂ Shannon Cowlin මහත්මිය සඳහන් කළාය.

Read More

නිසි මිලකට අළෙවි කර ගැනීමට නොහැකිවීමෙන් සුකිනි වගාවේ නිරත තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවට පත්ව ඇතැයි තලවකැලේ, ආගරපතන, හෝල්බෲක් ප්‍රදේශයේ සුකිනි වගාවේ නිරත ගොවියෝ පවසති.

Read More

මුදල් වංචා කිරීම් දෙකකට අදාල සැකකාරියක් හා සැකකරුවෙකු අත්අඩංගුවට - පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉතාලි කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ඉතාලි කණ්ඩායම කඩුුලු 10ක විශිෂ්ඨ ජයක් ලැබීය.

Read More

ආපදාවෙන් හානි වූ අත්‍යාවශ්‍ය සේවාවන් 99%ක් මේ වන විට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ඇති බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

Read More

මෙර‌ට තැපැල් සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 590 කට අධික වටිනාකමකින් යුත් ලොරි රථ 10 ක් සහ කෲ කැබ් 20 ක් මෙරට තැපැල් ප්‍රවාහන ජාලයට ලබාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ සහභාගීත්වයෙන් අද (12) පස්වරුවේ තැපැල් මූලස්ථානයේ දී සිදුවිය.

Read More

ඉන්දීයානු නාවික හමුදාව විසින් 13 වැනි වරට සංවිධානය කරනු ලබන MILAN - 26 හා ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය - 2026, බහුපාර්ශික නාවික අභ්‍යාසය , මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය හා බෙංගාල බොක්ක ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2026 පෙබරවාරි මස 18 වැනි දින සිට 26 වැනි දින දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර නෞකා ද්විත්වය 2026 පෙබරවාරි මස 11 වැනි

Read More

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය.

Read More

හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද අධිකරණ ස්ථාපිත කිරීමට පවරා ගත් නිල නිවාසවලට උසාවි පිහිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් ලබා දෙන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read More

විස්සයි ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔ්මාන කණ්ඩාම අතර පල්ලෙකැලේ පිටියේ පැවැති තරගය ලකුණු 105කින් ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ට ලකුණු 225ක් රැස් කළේය.

Read More

මත්ද්‍රව්‍ය භාවිත කර පෞද්ගලික මගී බස් රථවල සේවයේ යෙදෙමින් සිටි රියදුරන් සහ කොන්දොස්තරවරුන් හත් දෙනෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පද්ධති සිදුවූ තාක්ෂණික දෝශයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අඩාල වී ඇති බව වාර්ථා වනවා.

Read More

​’’මට වඩා අසරණ අය ඕනෑතරම් ඉන්නවා. මට මේ ආපදාවෙන් යම් හානියක් වුණා තමයි. ඒත් මට තවමත් නැගී සිටින්න ශක්තියක් තියෙනවා. මම දැක්කා මේ විපතින් තමන්ගේ මුළු ජීවිතයම අහිමි වෙලා, අදටත් කන්න බොන්නවත් විදිහක් නැතිව අන්ත අසරණ වෙලා ඉන්න මිනිස්සු. රජයේ මුදල් කියන්නේ ජනතාවගේ මුදල්. ඒ නිසා මේ ලක්ෂ පහ මට වඩා අසරණ වෙච්ච කෙනෙක් වෙනුවෙන් යොදවනවා නම් මම වඩාත් සතුටු වෙනවා. මීර මීට පෙර මට ලැබුණු රුපියල් විසිපන් දහසින් (25000) හානි වෙලා තිබුණු කොටස හදා ගත්තා.’’තමන් මෙ

Read More

කාසිකොටේ අලි උමං මාර්ගයේ වැඩකටයුතු නැවත ආරම්භ වූ අතර මේ පිළිබඳ වත්මන් තත්වය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගය අද උදෑසන 11ට පල්ලෙකැලේ පිටියේදී පැවැත්වීමට නියමිතය.

Read More

ජාත්‍යන්තර වෙළඳ නෞකා සඳහා ආරක්ෂාව සැපයීමෙන් ගෙවී ගිය මාස තුනක කාලය තුළ ඇමරිකානු ඩොලර් 598,000කට වැඩි ආදායමක් රජයට උපයා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව ඇති බව අධ්‍යක්ෂක ජෙනරාල් නාවික මෙහෙයුම් රියර් අද්මිරාල් හර්ෂද සිල්වා මහතා පැවසීය.

Read More

මධ්‍යම, ඌව, නැගෙනහිර හා උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නුවරඑළිය, මාතලේ, බදුල්ල හා පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති බව එම දෙපාර්තමේන්තුව කියයි.

Read More

අවිස්සාවෙල්ල ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයාගෙන ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් අනුව විමර්ශන කර අදාළ පුද්ගයාගේ රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් වත්කම් ක්‍රියාවිරහිත කර ඇති බව පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.