වසන්ත සැණකෙළියට පොලිසියෙන් දැනුවත්කිරීමක්
සුන්දර නුවරඑළිය වසන්ත සැණකෙළියට සමගාමීව නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් අතර සීග්‍රයෙන් පැතිරෙන බවට අපේක්ෂා කරන තහනම් මත්ද්‍රව්‍ය හා නීති විරෝධී දුම්වැටි භාවිතා කරන්නන් හා ළඟ තබා ගන්නන් ඇතුළු අලෙවි කරන්නන් පිළිබඳව පොලිසිය දැනුවත් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ රියදුරන් සහ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (08) දින නුවරඑළිය නගරයේදී පැවැත්වින.
මෙහිදී ත්‍රී රෝද රථ රියදුරන් බස් රථ රියදුරන් සහ මගී ජනතාව දැනුවත් කෙරුණු අතර, සියලු දැනුවත් කිරීම් අන්තර්ගත අත්පත්‍රිකා බෙදා දීම සිදු කෙරුණු අතර සෑම වාහනයකම පිටුපස පොලිසිය දැනුවත් කිරීම සඳහා වන අංක ප්‍රදර්ශනය වන ස්ටිකර් ඇලවීම සිදු විය. වසන්ත සැණකෙළි මහජනතාව ගැවසෙන ස්ථාන ඉලක්ක කර ගනිමින් දැනුවත් කිරීමේ කතාක ප්‍රදර්ශනය කිරීමටද නුවරඑළිය පොලිසිය කටයුතු කර තිබිණ.
මෙම අවස්ථාව සඳහා නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි චන්දන බස්නායක, නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්.සන්ජීව, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඉඳුනිල් ප්රේමලල් මහතා ඇතුළු නුවර එළිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
