වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව්, ජලාශ සහ අමුණු 387න් 123කට අදාළව අනවසර ඉදිකිරිම් 738ක් සිදුකර ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කර ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මෙම අනවසර ඉදිකිරිම් හදුනාගෙන තිබුණද එම අනවසර ඉදිකිරිම් ඉවත්කිරිමට කටයුතු කර නොතිබුණි. එමෙන්ම එක්, එක් ජලයෝජනාක්රම, වැව් හා ජලාශවල රක්ෂිතයේ හෝ වැව් පිටියේ පවතින ඉදිකිරිම් ව්යාපාරික ස්ථාන, ගොඩනැගිලි, වගාකිරිම් පිළිබදව වෙන් වෙන් වශයෙන් සමික්ෂණ සිදුකර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
අනවසර ඉදිකිරිම් සහ වගාකිරිම් සිදුකර ඇති ස්ථාන හදුනාගත හැකිපරිදි සිමා මායිම් සලකුණු කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙකි අනවසර ඉදිකිරිම් හදුනාගෙන කඩිනමින් එවා ඉවත්කිරිමට කටයුතු කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.