බුත්තල පොලිස් වසමට අයත් යුදඟනාව වැලිමඩයාය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ශිෂ්‍යයෙකු (07) වෙනිදා උදාසන් ගෙල වැලලාගෙන මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වී ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින දැනට පුද්ගලික උපකාරක පන්ති වලට සහභාගී වන වැදිගේ දසුන් මධුශාන් පෙරේරා නැමති ශිෂ්‍යයෙකි.
මෙම සිසුවා ප්‍රදේශයේ ශිෂ්‍යාවක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර පෙම්වතිය අමනාප වීම නිසා සත්තැවුලට පත්ව මෙලෙස මියගොස් ඇති බව පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
මෙම මරණය පිළිබඳ පස්චාත් මරණ පරීක්ෂණය මොණරගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
බුත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත මාරසිංහ මහතා පරීක්ෂණ පවත්වයි.
මොණරාගල සුමනසිරි ගුණතිලක